කූඨ ලේඛණ සකස් කිරීම හා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු හා ඒ සඳහා යොදා ගත් උපකරණ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අත්ඩංගුවට ගෙන බොරැල්ල පොලිසිය වෙත භාරදී තිබේ.
ඒ අනුව පරිගණක යන්ත්‍රයක්, ස්කැනර් යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ අත්‍යාවශ්‍යසේවා බලපත්‍ර මුද්‍රණය සඳහා යොදාගන්නා ලද රෝනියෝ පේපර් 100ක්,ව්‍යාජ ලෙස සකස් කළ රබර් මුද්‍රාවක්, විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් නිකුත් කළ බවට සඳහන් ව්‍යාජ නිලමුද්‍රා තබන ලද අත්‍යාවශ්‍ය සේවා බලපත්‍ර 12ක්, ජංගම දුරකත දෙකක් එම ස්ථානයේ තිබි සොයාගෙන තිබේ. මෙහිදි අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙමටගොඩ,වැල්ලවත්ත හා ආදුරුප්පුවීදිය යන ප්‍රදේශවලපදිංචි අයවේ.