21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපොලිස්පතිගෙන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ප්‍රකාශයක්.

පොලිස්පතිගෙන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ප්‍රකාශයක්.

2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

එය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවත් පොලිස්පතිවරයා සඳහන් කරයි.

පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවය.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව තොරතුරු මහජනතාව ට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවද පෙන්වා දෙයි.

ඔහු පෙන්වා දෙන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බවය.

පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments