21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාඑදා රණවිරුවෝ මෙන් මෙදා සුවවිරුවෝ ගැනත් සිතන්න.දේවිකා කොඩිතුවක්කු

එදා රණවිරුවෝ මෙන් මෙදා සුවවිරුවෝ ගැනත් සිතන්න.දේවිකා කොඩිතුවක්කු

කොරෝනා වසංගතය හමුවේ තම ජීවිත අවධානමද නොතකා සේවා කටයුතුවල යෙදෙන සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිත හා ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිත බව සඳහා විශේෂිත සුභසාධන වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් මතුවි ඇතැයි රජයේ අවධානයට ලක්විය යුතු යැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කොඩිතුවක්කු මහත්මිය මෙසේද පැවැසුවාය.
කොරෝනා ආසාදිතයින් එන්න එන්නම වැඩිවෙනවා. මේ වන විට දෛනිකව ආසාදිතයින් සංඛ්‍යාව 4000 ඉක්මවෙමින් පවතිනවා.මරණ සංඛ්‍යාව 200 යේ සංඛ්‍යාවට ලගා වෙමින් පවතිනවා.මේ වන විට සෞඛ්‍ය සේවකයන් ද වේගවත්ව කොරෝනා ආසාදිත තත්වයට පත්වෙනවා. ඒ වගේම වෛද්‍යවරුන් කීපදෙනෙක්,හෙද නිලධාරින් කීපදෙනෙක්, වාට්ටු ලිපිකාරිණියක්,ගිලන් රථ රියදුරකු හා සෞඛ්‍ය කාර්යය සහායකයෙකු මේ වනවිට කොරෝනා ආසාධිතව මියගොස් තිබෙනවා. දැන් සෞඛ්‍ය සේවකයින් සුවවිරුවන් ලෙස හඳුන්වයි. වසර 35 ක්ව පැවති යුද සමයේ මියගිය සොල්දාදුවන් රණවිරුවන් ලෙස නම් කර ඔවුන්ගෙන් යැපුනු දෙමාපියන්,දරුවන්,බිරින්දෑවරුන් වෙනුවෙන් ඒ පවුල් වල සුභසාධනය සඳහා වැඩපිළිවෙළක් සකස්කර තිබුනා.ඒ තුල විශ්‍රාම වැටුප ලබාදීම, විශ්‍රාම වැටුප ලැබෙන තෙක් මාසික වේතනය ලබාදීම,දරුවෙකු පාසලකට ඇතුල්කිරීමේදී ප්‍රමුඛත්වයක් ලබාදීම වශයෙන් සුභසාධන වැඩසටහන් දියත්වුණා.

ඒ නිසා අප සංගමයක් ලෙස සමස්ත සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් ඉල්ලීමක් කරනවා. ජනතාව බේරා ගැනීමට කොරෝනා මාරයා සමග සටන් වැද මියයන සුව විරුවන් වෙනුවෙන් ද එවැනි විශේෂිත වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය දියත් කල යුතුයි කියලා. ඒ අනුව ස්ථීර සේවයේ නැති සෞඛ්‍ය සේවයේ සුළු සේවකයින් වෙනුවෙන් අවධානම් දීමනාව ලබාදිය යුතුයි. , වසර දහයක සේවා කලය පසු කර නැති හෙද හා පවුල් සෞඛ්‍ය සේවීකාවන්ට විශ්‍රාම වැටුප් අහිමිවන නිසා මෙවැනි අයෙකු මිය ගියොත් ඒ අයට විශ්‍රාම වැටුප ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් විය යුතුයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments