පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් පරීක්ෂක කෝසල මහතා සමඟ නිලධාරීන් කණ්ඩායමක් මාතර පොලිස් බල ප්‍රදේශයේ හා ගන්දර පොලිස් බල ප්‍රදේශයන් දෙක තුල (25) ගල් වැඩපොළක් මුවාවෙන් අධිබලැති පුපුරන ද්‍රව්‍ය වනඇමෝනියම් නයිට්රේට්, ජෙලට් නයිට් කූරු, සේවාණුල් ඇතුළුව පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගන්නා ලදී . අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය සහ සැකකරැවන්වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර පොලිස් ස්ථානය ට බාරදුන් අතර අත්අඩංගුවට ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයන් මෙසේයි .මාතර පොලිස් බල.පුදේශයෙන් ඇමෝනියම් නයිට්‍රේට් kg 2050ක් ද ගන්දර පොලිස් බල පුදේශයෙන් ඇමෝනියම් නයිට්‍රේට් 1000kg ද, ජෙලට් නයිට් කූරු 672 ක් / සේවා නූල් මීටර් 500ක්ද සොයා ගෙන තිබේ .මෙම කියලා මත්ද්‍රව්‍ය මෙ පමණ ප්‍රමාණයක් ගෙනාවෙ කුමන අරමුණකට ද යන්න පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි .
මීට අමතරව කොළඹ 13 කදිරේෂන් වීදියේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සූරියපුර විල්ලුව ප්‍රදේශයේදී වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සන්තකයේ තබාගත් අයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.
පුල්මුඩේ පොලිස් වසමේ සමන්කුලම් මලානූර්රක්ෂිත ප්‍රදේශයකට අනවසරයෙන් ඇතුළුවි අක්කර 02ක පමණ කැලෑ එලිපෙහෙළිකර පුද්ගලයකුද රාගම මීරිගම සහ කඩවත පොලිස් වසමේ සිදුකළ වැටලීම් තුනකදී කේරළ ගංජා,නීතිවිරෝධි මත්පැන් සන්තකයේ පුදගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මඩු පොලිස්වසමේ තම්පනේකුලම් ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව කැණීම් කර ටිපර් රථයකට වැලිපටවන අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.