21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාදකුණු කොළඹ මහාරෝහලේ ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය පුලුල් කිරීමට යුදහමුදාවේ දායකත්වය.

දකුණු කොළඹ මහාරෝහලේ ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය පුලුල් කිරීමට යුදහමුදාවේ දායකත්වය.

දකුණු කොළඹ මහාරෝහලේ රෝගීන් හට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය තවදුරටත් පුලුල් කිරීම වෙනුවෙන් , මෙතෙක් එම රෝහලට අඩුපාඩුවක්ව පැවති මහල් 08 කින් යුතු නව ගොඩනැගිල්ලේ 04, 05 සහ 06 යන මහල් හි යුද්ධ හමුදාවේ දායකත්වයෙන් ස්ථාපනය කරනු ලැබු රෝගීන් 250 ක් සදහා ප්‍රතිකාර කල හැකි වාට්ටු සංකීර්ණය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සුජීවා නෙල්සන් මහත්මියගේ සහභාගීත්වයෙන් අද (අගෝස්තු 26) දින පෙරවරුවේ රෝහල් බලධාරින් වෙත භාරදෙන ලදි.

මෙම රෝහලේ රෝහල් වාට්ටු සංකීර්ණය සදහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාව දොඹගොඩ වෙතින් නිෂ්පාදනය කරන ලද ඇදන් 250 ක ප්‍රමාණයක්, රොගීන්ගේ පරිභෝජනය සදහා සැකසූ කුඩා ප්‍රමාණයේ කබ්ඩ් 250, සහ මෙට්ට 250 ක්, කොට්ට 300ක් සහ කොට්ට උර 300 ක ප්‍රමාණයක් යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය විසින් පිරිනම ලද අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය රාශියක්ද රෝහල් බලධාරින් වෙත ලබාදීම යුද්ධ හමුදා සේවාවනිතා සභාපතිනිය වෙතින් සිදුකරන ලදි.

යුද්ධ හමුදාධිපතිගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ අධික්‍ෂණය යටතේ ස්ථාපනය කරනු ලැබු මෙම වාට්ටු සංකීර්ණය ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා සහ 14 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥානරත්න සහ බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරි වරුන්ගේ අධික්‍ෂණය මත ඉතා කෙටි කාලයක් තුල මෙම වාට්ටු සංකීර්ණය ස්ථාපනය කිරිම ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ භඨපිරිස් විසින් සිදුකරනු ලැබීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments