බියර් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් සැපයීමේ අරමුණින් අම්පාර ප්‍රදේශයේ ගබඩා කර තිබූ සහල් කිලෝ ලක්ෂ 10ක ප්‍රමාණයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත් වී තිබේ.
පොළොන්නරුව, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි මේ වන විට සිදු වෙමින් පවතින නීති විරෝධී වී තොග ගබඩා වැටලීම්වලදී මෙය සොයාගෙන තිබෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
මිනිස් පාරිභෝජනය හැර, සත්ව ආහාර හා අනෙකුත් නිෂ්පාදන සඳහා සහල් යොදා ගැනීම තහනම් කර තිබියදී, බියර් කර්මාන්තය සඳහා යෙදවීමට මෙම සහල් තොගය ගබඩා කර තිබියදී සොයාගෙන ඇත.
මෙම වැටලීම් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වැටලීම් කණ්ඩායම විසින් එම සහල් තොග ගබඩාව මුද්‍රා තැබීමට මේ වන විට කටයුතු කොට ඇත.