21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධී ලෙස ගබඩා කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 9100 කට අධික...

නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 9100 කට අධික තොගයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2021 අගෝස්තු 25 වන දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගඩබා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක පමණ තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානනෞ ගජබා ආයතනය සහ මන්නාරම පොලීසිය එක්ව 2021 අගෝස්තු 25  දින මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගබඩා කිරීම හේතුවෙන් මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝප‍දේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට කටයුතු කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments