29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPදැනට ක්‍රියාත්මක මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රතිඵල සෘජුව ලැබෙන්නේ 40%කටයි. සැප්.දෙවන සතියේ සිට මෙයපුළුල්...

දැනට ක්‍රියාත්මක මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රතිඵල සෘජුව ලැබෙන්නේ 40%කටයි. සැප්.දෙවන සතියේ සිට මෙයපුළුල් කෙරේ.

දැනට ක්‍රියාත්මක මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රතිඵල සෘජුව ලැබෙන්නේ සමස්ත දරුවන්ගෙන් 40%ක ප්‍රමාණයකට රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වාදෙයි.

එබැවින් සැප්තැම්බර් දෙවන සතියේ රූපවාහිනි අධ්‍යාපන නාලීකා සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද හෙතෙම කියයි.

මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවාර්ධන රාජ්‍ය අමාත්‍යාංශ එක්ව කමිටුවක්ද පිහිටුවීමට මෙහිදි තීරණයවීය.

කොවිඩ්19 වසංගතයෙන් කෙටිකාලීනව හා දිගුකාලීනව ගිලන්ව ඇති පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයට මේ අවස්ථාවේදී දියහැකි ප්‍රායෝගික ඵලදායි එන්නත්කරණය වන්නේ රූපවාහිනි අධ්‍යාපන සේවාවන් බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය. පාසැල් දරුවන්ට අධ්‍යාපනයේ සමබිමක සමතැන හිමිකරදීම සෞභාග්‍යයේ දැක්ම බවත් ඒ සඳහා ජනමාධ්‍ය සතු වගකීම ඉතා ඉහල බව පෙන්වාදෙන ඇමැතිවරයා මෙම අර්බුදයට මැදිව පාසැල් විවෘත නොකිරීමෙන් වඩාත් දිගුකාලීන ජීවන බලපෑමට හසුවන්නේ පෙරපාසැල් දරුවන් සහ විවිධ අවශ්‍යතා සහිත දරුවන් බව රූපවාහිනි අධ්‍යාපනයේ ප්‍රධාන ඉලක්කයක් විය යුත්තේ ඔවුන් බව ජනමාධ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments