29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිශේෂාංගඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත්කළ මාධ්‍ය...

ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත්කළ මාධ්‍ය ප්‍රකාශය හෙළා දකිනවා.

සාක් සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වන ඇෆ්ගනිස්තානය වසර 43 ක විදේශ ආක්‍රමණයකින් සහ බලහත්කාරයෙන් ඔවූන් මත පටවන ලද යුද්ධ දෙකක් තුළින් ඇතිවූ නින්දාව, වේදනාව සහ පීඩාවෙන් ගැලවී ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලබාගැනීම, සාදරයෙන් පිළිගනු වෙනුවට, අපේ අසල්වැසි කලාපයේ නව දේශපාලන යථාර්ථය රජය විසින් පිළිගැනීම විවේචනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත්කළ මාධ්‍ය ප්‍රකාශය අපි හෙළා දකින අතර එය එජාපයේ දේශපාලන බංකොලොත්භාවය පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමය පෙන්වාදෙයි.

එම සංවිධානය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම් එම් සුහයිර්,මාධ්‍යවේදී සහ කර්තෘ ලතීෆ් ෆාරුක්,නීතිඥ, උපදේශන තීරු ලිපි ලේඛක මාස් එල්.යූසුෆ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙමනිවේදනය නිකුත් කර තිබේ.

නිවේදනයේ කරුණු තවදුරටත් මෙසේ දැක්වේ…………
ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලාංකිකයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, එම රටේ බලයේ සිටින අය සමඟ කතා කිරීමෙන් පමණක් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළහැකි බව අපේ විශ්වාසයයි. එක්සත් ජාතික පක්ෂය ඇෆ්ගනිස්ථානයේ හෝ මැද පෙරදිග රටවල විදේශීය ආක්‍රමණයන් හෝ අතීතයේ ඇත පෙරදිග බෞද්ධ රටවල් ආක්‍රමණ කිසි විටෙකත් හෙළා දුටුවේ නැත. මෙම පසුබිම තුළ ඇෆ්ගනිස්ථානයේ ජනතාව නැවත තම රටේ පාලනය අත්පත් කර ගැණීම හෙළා දැකීමට සදාචාරාත්මක අයිතියක් එජාප යට නැත.

යුද්ධය යනු ආයුධ නිපදවන බටහිර ජාතීන්ගේ අරමුණුවල කොටසක් වන අතර ශ්‍රී ලංකාව සාමය අපේක්ෂා කරයි. අරමුණු පැහැදිලිවම පරස්පරය. එක්සත් ජාතික පක්ෂය යුධවාදීන්ට උදව් කිරීම නැවැත්විය යුතුය. සාමය ස්ථාපිත කිරීම සඳහා බොහෝ කැපකිරීම් කරන රටවලට සහ නායකයින්ට ඔවුන් සහාය විය යුතුය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශය යුද්ධවලට විරුද්ධ එහෙත් ඇෆ්ගනිස්ථානයේ බලය ක්‍රියාත්මක කරන අය පිළිගැනීමට කැමති අය තලේබාන්වරුන්ට සහයෝගය දක්වන බව පෙන්වීමට උත්සාහ කිරීමකි. මෙම පසුබිම තුළ යළිත් වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමති ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන ගත් ආණ්ඩුවේ කාලෝචිත තීරණය එක්සත් ජාතික පක්ෂය නොසලකා හරියි.

ඇෆ්ගන් ත්‍රස්ත කණ්ඩායමක් විසින් කාබුල් ගුවන් තොටුපල ඉදිරිපිට මෑතක දී සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇෆ්ගන් ජාතිකයින් සහ එක්සත් ජනපද සොල්දාදුවන් සියයකට අධික සංඛ්‍යාවක් මියගිය අතර එය නිවැරදි මාර්ගය තෝරා ගත් සහ මධ්‍යස්ථ තලේබාන් සංවිධාන දුර්වල කිරීමට ගත් උත්සාහයකි. මෙවැනි බියගුළු ප්‍රහාරද හෙළා දැකිය යුතුය. තලේබාන්වරුන්ගේ පාලන ක්‍රමය සමඟ සියලුම මුස්ලිම්වරුන්, සියලුම ඇෆ්ගන් ජාතිකයින් එකඟ නොවේ. නමුත් එයින් අදහස් කරන්නේ අපේ අසල්වැසි ප්‍රදේශවල බලය ක්‍රියාත්මක කරන්නන් පිළිගන්නේ නැතිව, ආසියාවේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් ශ්‍රී ලංකාව පවතින දකුණු ආසියාවේ, කිසිවිටෙකත් අවසන් නොවන යුද්ධ අපේක්ෂා කරන අය පිළිගැනීම නොවේ.

විශේෂයෙන් මුස්ලිම් හා මුස්ලිම් රටවල් විසින් විශ්වීයව හෙළා දකින, ගෞරවනීය බාමියන්බුදු පිළිමවලට එල්ල වූ ප්‍රහාර මතක් කර දෙමින් වෛරය ඇති කිරීමට උත්සාහ කිරීමට එජාපයට අමතකවී නැත. කෙසේ වෙතත්, සංචාරක ආකර්ෂණය ද ලැබූ හයවන සියවසේ බාමියන් බුදු පිළිම ඇෆ්ගනිස්ථාන ජනතාව විසින් පකිස්ථානයේ දී මෙන් සියවස් 14 ක් ආරක්‍ෂා කර ඇති බව එක්සත් ජාතික පක්ෂය වාර්තා කිරීම සුදුසු යයැයි නොසිතුවේය. එක්සත් ජනපදයේ 9/11 සමඟ ඇෆ්ගනිස්ථානයට කිසිදු සම්බන්ධයක් නැති බවත්, ප්‍රතිමා අලුත්වැඩියා කිරීම සඳහා ඉල්ලමින් 9/11 ට මාස හයකට පෙර, ස්කැන්ඩිනේවියානු සබඳතා ඇති විදේශිකයන් කණ්ඩායමක් තමා වෙත පැමිණි බවත්, එවකට ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ උත්තරීතර නායක මුල්ලා ඕමාර් පවසා ඇත. 9/11 ට මාස හයකට පෙර බාමියන් බුදු පිළිමවලට එල්ල වූ ප්‍රහාර අහම්බයක් නොවිය හැක.
ඇතුළත වැඩක් ලෙස සමහරු විශ්වාස කරන 9/11 ප්‍රහාර මත පදනම් ව එක්සත් ජනපදය නව ලෝක පිළිවෙල දියත් කිරීමට පෙර තලේබාන් සංවිධානයට එරෙහිව වෛරය වැපිරීමට සහ බෞද්ධයන් හා මුස්ලිම්වරුන් බෙදීම සඳහා ඇෆ්ගන් නියෝජිතයින් හරහා විදේශීය කොටස් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බව බොහෝ දෙනා විශ්වාස කරයි !

2001 දී තලේබාන්වරුන් පෙරලා දැමූ එක්සත් ජනපදය 2020.02.29 දින සාම ගිවිසුමකට එළඹුණු අතර ඉක්මනින්ම තලේබාන්වරුන් සමඟ කටයුතු කරන බවට වන යථාර්ථය එජාප ප්‍රකාශය නොසලකා හැර තිබේ. විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්තිය සඳහා යුරෝපා සංගමයේ ඉහළ නියෝජිත ජෝශප් බොරල් පවසා ඇත්තේ “තලේබාන් සංවිධානය යුද්ධය ජයග්‍රහණය කර ඇති බැවින් අපට ඔවුන් සමඟ කතා කිරීමට සිදුවන” බවයි. 1989 දී ඇමරිකාවට සමාන ඉරණමක් අත්වූ රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ විදේශ වටිනාකම් බාහිරින් පැනවීමේ මෝඩ ප්‍රවේශය අප අවසන් කළයුතු බවයි. චීන විදේශ ඇමති වැන්ග් යී පවසා ඇත්තේ “ජාත්‍යන්තර ප්‍රජාව ඇෆ්ගනිස්ථානයට සහයෝගය සහ මඟ පෙන්විම කලයුතු” බවයි. ඇෆ්ගන් ජාතිකයන් වහල්භාවයේ විලංගු ඉවත් කළ බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවසීය. බංග්ලාදේශය, ඉරානය, කටාර්, තුර්කිය සහ සෞදි අරාබිය ඇෆ්ගනිස්ථානයේ නව රජය පිළිගන්නා බවට පැහැදිලි ඇඟවීම් කර ඇත.

එම රටවල පුළුල් ආයුධ කර්මාන්ත වල යහපත උදෙසා ආසියානු රටවල් එකින් එක ආක්‍රමණය කරමින් සිටින විදේශ බලවතුන්ට සහයෝගය දැක්වීම රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රය ද ?. ජාතික අවශ්‍යතාව සලකා එක්සත් ජාතික පක්ෂය තම නායකයා ලේ වැකි දෑත් සහිත යුද ගැත්තන්ගේ රූකඩයක් විම වැළැක්විය යුතුය.

ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපදය සහ නේටෝව (NATO) පිටවීමේ ඇති එකම අනතුර නම් ආයුධ කර්මාන්තය සහ එහි නියෝජිතයින් ඊළඟ යුද කලාපය සඳහා ගවේෂණය දැඩි කරන යථාර්ථයයි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මේ වනවිටත් දකුණු ආසියාව කෙරෙහි සිය අවධානය යොමුකර ඇති බව පෙනේ. ඔව් ඒ අපේ කලාපයයි!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments