මෙරටින් වාර්තා වූ 33 වැනි කොවිඩ් පොකුර වූ මිනුවන්ගොඩ පොකුර දිස්ත්‍රික්ක 21 ක් දක්වා පැතිර ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේය.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ක්‍රියාකාරීත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට ලද පැමිණිල්ලක් මත විමර්ශන කරන බැවින් සෞඛ්‍ය අංශ අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වූවාද යන්නත් සොයා බලන බවද හෙතෙම පැවැසීය.
මුල්ලේරියාව රෝහලේ කල් ඉකුත් වූ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ඇත්නම් ඒවා යළි ලබාගෙන ඒ වෙනුවට නව කට්ටල ලබාදීමට අදාළ සමාගම එකඟත්වය පළ කළ බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේය.
මුල්ලේරියාව රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 30,000 ක් පැවැති බව පැවැසූ වෛද්‍යවරයා එයින් 15,000 කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ සඳහා භාවිත කර ඇති බවද පැවැසීය. ඒ අනුව ඉතිරි ප්‍රමාණයෙන් කල් ඉකුත් වූ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ඇත්නම් ඒවා අදාළ සමාගම වෙත යොමු කිරීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මෙසේද පැවැසීය.
‘‘කඩිනමින් පරීක්ෂණ කළ යුතු වන අවස්ථාවලදී භාවිත කළ යුතු පරීක්ෂණ කට්ටල වර්ගය කුමක්ද යන්න ඒ අංශය භාර වෛද්‍යවරු තීරණය කරනවා. ඒ අනුව සමහර පරීක්ෂණ කට්ටල භාවිතය අවම වෙනවා. මුල්ලේරියාවේ යම් කට්ටල ප්‍රමාණයක් කල් ඉකුත් වී ඇත්නම් ඒවා අදාළ සමාගම මගින් ලබාගෙන ඒ වෙනුවට නව කට්ටල ලබාදීමටත් එකඟතාව පළකරලා තියෙනවා. ඒ නිසා අපට කිසිම පාඩුවක් වෙලා නෑ.