21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්රම්ප් නැවතත් ජනාධිපතිවරණ රැලිවලට එක් වෙයි

රම්ප් නැවතත් ජනාධිපතිවරණ රැලිවලට එක් වෙයි

කොරෝනා වයිරසය ආසාදනය වී සති දෙකක් තුළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් නැවතත් ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ. පසුගිය දිනවල ධවල මන්දිරයේම කාලය ගත කළ ඔහු දැන් නැවතත් ඉන් පිටත පැමිණ ජනාධිපතිවරණ රැලිවලට සහභාගි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ ආකාරයෙන් ඔහු පළමු රැලිය පවත්වා ඇත්තේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේයි. ඒ පසුගිය සඳුදා (12) දිනයේය. ෆ්ලොරිඩා ප්‍රාන්තය සැලකෙන්නේ ජනාධිපතිවරණයේ දී ඉතා තීරණාත්මක ප්‍රාන්තවලින් එකක් හැටියටයි. ෆ්ලොරිඩාහි සැන්ෆර්ඩ් නගරයේ පැවැති රැලියට ඔහුගේ අාධාරකරුවන් දහස් ගණනක් සහභාගි වී තිබිණි. ඉදිරි දිනවලද ඔහු තවත් තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක මෙවැනි රැලි පෙළක් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 3 වැනි දිනය. ඒ සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 20 ක් වැනි කෙටි කාලයක් පමණි. මේ නිසා ජනාධිපතිවරයා ඉක්මනින් සිය ප්‍රචාරණ කටයුතු නැවත ආරම්භ කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතු වී තිබිණි. ජාතික වශයෙන් පවත්වා ඇති ජනමත සමීක්‍ෂණවලින් හෙළි වන ආකාරයට මේ වන විට ට්‍රම්ප් සිටින්නේ ඔහුගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩ්න්ට වඩා පිටුපසිනි. පසුගිය ඉරිදා (11දා) ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා වන ෂෝන් කොන්ලි පවසා තිබුණේ ජනාධිපතිවරයා තවදුරටත් වයිරසය පතුරුවන්නකු නොවන බවයි. ඔහුගේ සිරුරේ වයිරස ප්‍රමාණය අඩු වෙමින් ඇති බවද ඔහු එදින සඳහන් කළේය. ඒ අතර සඳුදා වෛද්‍ය කොන්ලි ප්‍රකාශ කර තිබුණේ දැන් ට්‍රම්ප් තුළින් වයිරසය සම්පූර්ණයෙන්ම තුරන්ව ගොස් ඇති බවය.

ට්‍රම්ප් සඳුදා ෆ්ලොරිඩාවේ රැලියක් පවත්වද්දී ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්‍ෂක බයිඩ්න් තවත් තීරණාත්මක ප්‍රාන්තයක් වන ඔහියෝහි රැලියක් පවත්වා තිබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments