25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ප‍්‍රදානය කෙරේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ප‍්‍රදානය කෙරේ.

කොවිඞ්-19 ආසාදිතයින් හට ප‍්‍රතිකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් (02) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ( 31) අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය චින්තා සුරියආරිච්චි මහත්මිය හා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය හර්ෂ ගමගේ මහතා වෙත නිළ වශයෙන් භාරදිම සිදු විය.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය හා ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරු විiුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව නිෂ්පාදනය කරන ලද මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයන් කොවිඞ්-19 ආසාදිත රෝගින් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර ලබන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන කොවිඞ් රෝගීන් සඳහා ලබා දීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක හා ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක තුමන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අතර මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික කොවිඞ් මර්ධනය කාර්ය සාධක බලකායේ කොවිඞ් 19 වැලැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව පැවැත්විණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments