ශ්‍රි ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය ( 01)තම 70 වන සංවත්සරය අභිමානවත්ව සමරයි. වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු ගුවන් නියමුවන් රාශියක් මෙන්ම ගුවන් නියමු උපදේශකවරුන් රාශියක් ලක් මවට දායාද කරන ලද ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය ලෙස හැදින්වෙන ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය 1951 සැප්තැම්බර් මස 01 වන දින ප්‍රථම පියාසර පුහුණු පාසැල ලෙස එවකට කටුනායක රාජකිය ලංකා ගුවන් හමුදා කදවුරේ ස්ථාපිත කරන ලදි.
මෙම පක්ෂාංගය මගින් ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා ප්‍රථමයෙන් 1951 වසරේදි කැනේඩියානු රජයෙන් චිප්මන්ක් (Chipmunk)ගුවන් යානා 04 ක් මිලදි ගත් අතර අනතුරුව 1952 හා 1953 වසර වලදි පිළිවෙලින් බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත එයාර් ස්පීඩ් ඔක්ස්ෆෝර්ඩ් (Air Speed Oxford) ගුවන්යානා 03 ක් හා චිප්මන්ක් (Chipmunk) ගුවන් යානා 5 ක් මිලදි ගනිමින් පියාසර පුහුණු ධාරිතාවය වැඩිකර ගැනිමට පියවර ගන්නා ලදි. 1954 දි මෙම පක්ෂාංගයේ හැරවුම් ලක්ෂය බවට පත් වෙමින් බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත බැලියෝල් (Balliol) ගුවන් යානා 06 ක් පක්ෂාංගයට එකතු වීමත් සමග පියාසර මුලික පුහුණුව පමණක් සිදූ කරනු ලැබු අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය උසස් පියාසර පුහුණු කිරිමි ආරම්භ කරන ලදි. තවද වර්ෂ 1955 වර්ෂයේ§ ස්කොට්ලන්තයෙන් නිෂ්පාදිත ප්‍රෙස්ට්වික් පයිනීර් (Prestwick Pioneer) හා බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත ඩීඑච් 104 ඩවි (DH 104 Dove) නම් වූ තවත් ගුවන් යානා 02ක් ද අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයට එක් කර ගන්නා ලÈ.
1959 වසරේ§ බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත හන්ටින් ජෙට් ප්‍රොවෝස්ට් (Hunting Jet Provost) ගුවන් යානා 12 ක් මෙම පුහුණු පක්ෂාංගයට එක් කර ගැනිමත් සමග ශ්‍රී ලංකාවේ පළමු ජෙට් යානා පුහුණු බලඝන ලෙස ඉතිහාසගත විය. චිප්මන්ක් (Chipmunk) ගුවන් යානා පියාසර කටයුතු වලින් ඉවත් කිරීමත් සමග වර්ෂ 1970 වසරේ§ සෙස්නා 150 (Cessna-150) ගුවන් යානා 06 ක් පුහුණුවීම් කටයුතු සඳහා ඇතුළත් කර ගන්නා ලÈ. එමෙන්ම 1984 වර්ෂයේ§ පුහුණු හා මෙහෙයුම් අවශ්‍යතා සඳහා සියායි මර්වටී වෝරියර් (Siai Marchetti Warrior) වර්ගයේ ගුවන් යානා 03 ක්” සියායි මර්චටී 260ටීපී (Siai Marchetti 260TP) වර්ගයේ ගුවන් යානා 03 ක් හා සෙස්නා 337 ස්කයි මාස්ටර් (Cessna 337 Sky Master) වර්ගයේ ගුවන් යානා 03 ක් වශයෙන් නව ගුවන් යානා වර්ග 03 ක් ඇතුලත් කර ගන්නා ලදි. තවද වර්ෂ 1992 § ආර්ජන්ටිනාවේ අයිඒ 58 පුකාරා(IA 58 Pucara) නැමැති ගුවන් යානය ගුවන් හමුදාවට එකතු වීමත් සමග මෙම පක්ෂාංගයේ මෙහෙයුම් හැකියාව තව තවත් වැඩි Èයුණු විය.
2001 වසරේදි චීනයේ නිෂ්පාÈත පීටී- 6 (PT-6) ගුවන් යානාවන් 06 ක් මෙම බලඝණයට ඒක්වීමත් සමග ගුවන් නියමුවන්ගේ පුහුණුවීම් කටයතු උසස් අන්දමින් සිදූ කිරිමට හැකි වු අතර වර්ථමානය වන විට මුලික පුහුණුවීම් කටයුතු සදහා පීටී- 6 (PT-6) වර්ගයේ ගුවන් යානවන් හා සෙස්නා 150 (Cessna-150) ගුවන් යානාවන් යොදා ගනු ලබන අතර 2010 වර්ෂයේ අංක 14 ගුවන් යානා බලඝණය” අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය සමග ඒකාබද්ධ වීමත් සමග චීනයේ නිෂ්පාÈත කේ-8 (K-8) ගුවන් යානාවන්ගෙන් ද සන්නදAද වු අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය” උසස් නියමු හා ප්‍රහාරක නියමු පුහුණු කිරිම් කේ-8(K-8) වර්ගයේ ජෙට් ගුවන් යානා යොදා ගනිමින් සිදූ කිරිම ආරමිභ කරන ලදි.
වර්ෂ 1963 දි මෙම පක්ෂාංගය ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුරේ ස්ථාපිත කල අතර 1988 වර්ෂයේදි රටෙි පැවති ආරක්ෂක තත්වය හේතුවෙන් අනුරාධපුර ගුවන් හමුදා මුලික කදවුර වෙත රැගෙන ගිය අතර අනතුරුව මානුෂිය මෙහෙයුම අවසන් විමෙන් පසු ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුරේ නැවත ස්ථාපිත කරන ලÈ.
අභිමානවත් 70 වසරක පෞඩ ඉතිහාසයකට උරුමකමි කියන ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි සුරකිමු ලකඔර උදෘත පාඨය යථාර්තයක් බවට පත් කිරිමෙි සුවිශේෂි මෙහෙවරක් සිදූ කරනු ලබන අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය 2000 වර්ෂයේදි ජනාධිපති වර්ණයන්ගෙන්ද පිදූමි ලබා ඇත.
මෙම පක්ෂාංගයේ ප්‍රථම අණදෙන නිළධාරි තුමන් ලෙස රාජකිය ගුවන් හමුදාවෙි ෆ්ලයින් ලෙෆ්ටින්ට් නොර්මන් ලුෂ් (Norman Loosh) කටයුතු කළ අතර වර්ථමාන අණදෙන නිළධාරිතුමන් ලෙස විංග් කමාන්ඩර් දිනේෂ් කසාගල කටයුතු කරනු ලබයි.
මෙම පක්ෂාංගය මගින් මුලික ගුවන් ගමනාගමන පාලන පාඨමාලා” පියාසර උපදේශක පාඨමාලා ඇතුළු පාඨමාලා රැසක් කි්‍රයාත්මක කරනු ලබන අතර පියාසර පුහුණු ආයතනයකින් අපේක්ෂා කරනු ලබන සියළු ප්‍රමිතින්ට අනුකුලව කටයුතු කරනු ලබන ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය වර්ථමානය වන විට දක්ෂ ගුවන් නියමුවන් 350 කට අධික පිරිසක් ලක්මවට දායාද කර ඇත.