26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සඟවා තිබු සීනි මෙට්‍රික් ටොන් 29.900ක් රාජසන්තක කරයි.

සඟවා තිබු සීනි මෙට්‍රික් ටොන් 29.900ක් රාජසන්තක කරයි.

ගබඩාවල තුළ සඟවා තිබියදීම සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 29,900ක් ප්‍රමාණයක් ඊයේ(01) සිදුකෙරුණු විමර්හන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් එන්.ඩි.එස්.පි. නිවුන්හැල්ල මහතා ප්‍රකාශ කරයි.

මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් පැවැරි ඇති බලතල ප්‍රකාරව , එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන බලාත්මක කරමින් , පස්වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාල හදිසි නීති රෙගුලාසි (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වන්නාවු වී,සහල් සීනි, ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධිකරණය සඳහා බලතල ලබාදීමට ද ජනධිපතිවරයා පියවර ගත්තේය.

සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක්වු ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තොම්බර් මස (14) සිට ශත 25ක් දක්වා අඩුකරනු ලැබීය. එදිනට මෙරට තිබු සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,878කී. 2020 ඔක්තොම්බර් (14) සිට මේ වසරේ ජූනි (30) විට සීනි මෙට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වාදෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 35,000ක් පමණවේ.

එහෙත් වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව ආනවරණයවී තිබේ. කෘතිම සීනි හිඟයක් රටතුල ඇති කර පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහල මිලකට සීනි අලෙවි කිරීමේ උත්සහයක් පසුගිය කාලසීමාව තුල දැක ගත හැකිවිය.

සඟවා තිබු සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදුකර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව මුතරාජවෙල පිරමිඩ් විල්මර් සමාගම සීනි මෙට්‍රික් ටොන්6200, අංක 809/5 මීගමුව පාර, මාබෝල, වත්තල, ග්ලෝබල් ට්‍රේඩින් සමාගම සීනි මෙට්‍රික් ටොන් 4800ක්, අංක 242, උස්වැටකෙයියාව, වත්තල සීනි ග්ලෝබල් ට්‍රේඩින් සමාගම සීනි මෙට්‍රික්ටොන්4100ක්, (ගබඩා සංකීර්ණ (04) විල්සන් ට්‍රේඩින් සමාගම සීනි මෙට්‍රික් ටොන් 14,000ක් , හුණුපිටිය පාර, කිරිබත්ගොඩ ආර්.ජී.ස්ටොර්ස් සීනි මෙට්‍රික් ටොන් 800ක් වශයෙන් මෙසේ සඟවා තිබියදි මුළු සීනි මෙට්‍රික් ටොන් 29,900ක් සොයාගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments