29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedනීතියට වැලිගසමින් සිටි මහා පරිමාණයේ ජාවාරම් කරුවෙකුට දැල එළීමට එස්.ටී.එෆ්. සමත්වෙයි.

නීතියට වැලිගසමින් සිටි මහා පරිමාණයේ ජාවාරම් කරුවෙකුට දැල එළීමට එස්.ටී.එෆ්. සමත්වෙයි.

නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා ගෙන්වන ලද විදේශීය මත්පැන් සහ සිගරට් සන්තකයේ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත .

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්නකිරීමේදී මොරටුව ප්‍රදේශය කුලී නිවසක පදිංචිව සිට මින් මෙම නීති විරෝධී විදේශීය මත්පැන් සහ නීතිවිරෝධී සිගරට් ජාවාරම ඉතා සූක්ෂම අයුරින් සිදු කර ගෙන ගොස් ඇති අතර නීතියේ ඇසට වැලි ගසමින් බොහෝ කලක් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇතිබවට කරුණු අනාවරණයවී තිබේ.

මෙහිදි
රුපියල් ලක්ෂ තිහයක් පමන වටිනා නීතිවිරෝධී සිගරැට් කාටුන් 150ක් සහ විදේශීය මත්පැන් බෝතල් 105ක, නවීන පන්නයේ මෝටර් රථයක් ද වයිට් සපයර් වර්ගයේ මැණිකක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මුළු වටිනාකම ලක්ෂ හැත්තෑවක් පමණ වේ වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙතභාරදී තිබේ.

මිට අමතරව කොක්කඩිචෝල පොලිස් වසමේ මාවඩි මුම්මාරි ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට වැලි කියුබ් තුනක්, ටිපර් රථයක් හා යකඩ සවල් අත් අඩංගුවට ගෙන ඇත. තවත් වැලි ජාවාරම්ද සොයාගැනීමට එස්.ටි.එෆ්. සමත්වී ඇත.

මෙම වැටලිම් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකා මූලස්ථාන ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝයි සුමන වර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි මූළස්ථාන අරුණ කටුගම්පල මහතාගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර කුලසේකර මහතාගේ නායකත්වයෙන් සිදුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments