පිළියන්දල සිද්දමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය දින කිහිපය තුළ නිවාස බිඳ භාණ්ඩ කොල්ලකෑම් ගණනාවක්ම වාර්තා වී ඇත. ඒ අනුව එම ප්‍රදේශය මෙන්ම සමස්ත පිළියන්දල පොලිස් බල ප්‍රදේශයම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පිළියන්දල පොලිසිය කටයුතු කර තිබේ.
පසුගිය මසක පමණ කාලයක් තුළ සිද්දමුල්ල ප්‍රදේශයේ නිවාස ගණනාවක්ම රාත්‍රී කාලයේ සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති අතර රන් භාණ්ඩ මුදල් සහ තවත් භාණ්ඩ ගණනාවක්ම ගෙන ගොස් ඇත.
ඒ අතර ප්‍රාදේශීය මාධ්‍යවේදියකුගේ නිවසද බිඳ ඔහු සතුව තිබූ මාධ්‍ය ආවරණ සඳහා භාවිත කළ කැමරාව හා උපාංගද ලැප්ටොප් පරිගණක ඇතුළු මුදල් හා රත්‍රන් භාණ්ඩද සොරාගෙන ගොස් ඇත. එහි වටිනාකම ලක්ෂ හතරක් පමණ වන බවද සඳහන්ය.
මේ වනවිට රට තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් හා තහනම් මත්ද්‍රව්‍ය විශාල ලෙස වැටලීම් සිදුකර අත්අඩංගුවට ගැනීම නිසා මෙසේ ඒ සඳහා යොමුවූ පිරිස් සොරකම් සිදුකර මුදල් සොයාගැනීමට පෙලඹී ඇතැයි පොලිසිය සැකකරයි.
ඇතැම් ස්ථානවල මහ මග ගමන් කරන පිරිස්ද මෙසේ කොල්ලකෑමට ලක්වූ අවස්ථා පසුගිය දිනවල වාර්තා විය.
මේ තත්ත්වය හේතුවෙන් පිළියන්දල සිද්ධමුල්ල ප්‍රදේශය තුළ රාත්‍රී පොලිස් මුර සංචාර වැඩිකිරීමට උපදෙස් ලබාදී ඇත.