29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට රජය දුන් විසඳුම පිළිගෙන සමස්ත දරුපරපුර වෙනුවෙන් අධ්‍යාපනය...

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට රජය දුන් විසඳුම පිළිගෙන සමස්ත දරුපරපුර වෙනුවෙන් අධ්‍යාපනය පණ ගන්වන්න-ඇමැතිවරු ආයාචනා කරති.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට රජය දුන් විසඳුම පිළිගෙන සමස්ත දරුපරපුර වෙනුවෙන් අධ්‍යාපනය පණ ගන්වන්න-ඇමැතිවරු ආයාචනා කරති.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට රජය දුන් පොදු විසඳුම පිළිගෙන සමස්ත දරු පරපුර වෙනුවෙන් අධ්‍යාපනය පණ ගැන්වීම සඳහා ඉදිරියට එන ලෙස ආයාචනය කරන බව ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස පත්කළ අමාත්‍ය මණ්ඬල අනුකාරක සභාවේ සමාජික කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ(01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය. වසර විසිහතරකට වඩා පැරැණි ගුරු විදුහල්පති වැටුප් විසමතා ගැටලුවට විසඳුමක්දීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ද ප්‍රතිඥාදී තිබිණි. මෙම නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරීම සඳහා ගුරු විදුහල්පති හා ගුරු උපදේශක සේවාවන්හී වෘත්තීය සමිති 33ක නියෝජිතයින් සමග සාකච්ඡා කරනු ලැබීය. කැබිනට් අනුමණ්ඬල අනුකාරක සභාව නිර්දේශිත වැටුප් සංශෝධනය 2022 අයවැය මගින් අදියරගතව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව විදුහල්පති සේවයේ 111-1 සඳහා සීයයට19.54කින්ද, විදුහල්පතිසේවය 11 සඳහා සීයයට 21.59කින්ද, විදුහල්පතිසේවයේ 1 සඳහා සීයයට 25.95කින්ද වැටුප් වැඩිකෙරේ. එසේම ගුරු සේවයේ111-11 සඳහා සියයට13.52ක්ද, ගුරුසේවයේ 111 1c සඳහා සීයයට16 පමණද වැඩිකිරීමට තීරණයවී ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සියලුම ගුරුවරු උපාධිධාරින් බවට පත් කිරීම, සියලුම විද්‍යාපිඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීම, විදුහල්පතිවරුන්ට අතිරේක කාර්ය මණ්ඬල ලබාදීම , විදුහල්පතිවරුන්ට ඉන්ධනදීමනාමක් ලබාදීම, ගුරු හා විදුහල්පති වෘත්තීය කුසලතා උසස් තත්ත්වයකට නගාසිටුවීම, ගුරුවරුනට හා විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්දීම, රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ මාර්ගගත තාක්ෂණ ඔස්සේ ඉගෙනුම් කටයුතු සාර්ථක පවත්වාගෙන යෑමට අවශ්‍ය තාක්ෂණීක උපකරණ ලබාගැනීමට සහනදායි ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා නිර්දේශ කමිටුව ඉදිරිපත් කර ඇත.

එය ක්‍රියාත්මක කෙරෙන තෙක් ලබන මාස දෙකේ රුපියල් පන්දහසේ දීමනාවක් ලබාදීමට මෙහිදි තීරණය කර තිබේ. දැනට ගුරුවරුන්ට වැටුප් ගෙවීමට රුපියල් බිලියන 119ක් මුදලක් මාසිකව වැයවේ. සුබෝධනි කමිටුව වාර්තාවේ සාධනීය නිර්දේශ සේම වැටුප් පරිමාණ , චක්‍රලේඛ, අධිකරණ තීන්දු ඇදි සියලු කරුණු සැළකිල්ලට ගෙන මෙම විසඳුම් සකස් කළ බව ඇමැති අනු කමිටුව දැනුම් දී සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments