26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOP2021 උසස්පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීම 15දක්වා දීර්ඝ කෙරේ.

2021 උසස්පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීම 15දක්වා දීර්ඝ කෙරේ.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර(උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය

අයදුම්පත් කැඳවීමේ කාලය 2021 සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කෙරේ.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් 2021.07.05 දින සිට 2021.07.30 දින දක්වා කැඳවනු ලැබුවද රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් මාර්ගගතව කැඳවීමේ අවසාන දිනය 2021.09.15 දින දක්වා දීර්ඝ කර තිබේ.

මෙවර විභාගය සඳහා සෑම විභාග අපේක්ෂකයෙකු ම අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online ) ක්‍රමවේදය මගින් පමණි.

ඒ අනුව, මාර්ගගත (Online ) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk    හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම (Mobile App ) “ DoE” වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරිදි මාර්ගගත (Online ) ක්‍රමවේදය ඔස්සේ අයදුම් පත්‍ර යොමු කළ යුතු වේ.

උක්ත විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User Name ) හා මුරපද  (Password) භාවිතයෙන් අයදුම් කළ යුතු වේ. පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍රය   සම්පූර්ණ කළ යුතු වේ.ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතුය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments