21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාරත්නපුර මහ රෝහලේ කොවිඩ් 19 අසාදනයවී මියගිය ගිලන්රථ රියදුරුගේ සේවය අගය කෙරේ.

රත්නපුර මහ රෝහලේ කොවිඩ් 19 අසාදනයවී මියගිය ගිලන්රථ රියදුරුගේ සේවය අගය කෙරේ.

රත්නපුර මහ රෝහලේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් ප්‍රතිකාර සඳහා ප්‍රවාහනය කිරීම සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහත් මෙහෙවරක් ඉටුකරමින් ගිලන්රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන්(21) මියගිය බීඒ අමරජීව මහතා (57) සිදුකරනු ලැබු සේවය අගය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත
යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තුව විසින් රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබන ඔහුගේ දියණිය වන බීඒටී ශෂි ප්‍රභා වෙත ඇයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනිම සදහා මාසිකව රුපියල් 6600.00 බැගින් උසස් පෙළ විභාගයට පෙනී සිටින කාලය දක්වා ශිෂ්‍යත්ව ප්‍රදානයක් ලබාදීමට අද දින කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු යුද්ධ හමුදා කඳවුරේ දී සිදු කෙරිණි.
මේ සඳහා යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සේන වඩුගේ ගේ අධීක්ෂණය මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න එම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments