29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලෝක පොල් දිනයට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සමරු මුද්දර 10ක්.

ලෝක පොල් දිනයට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සමරු මුද්දර 10ක්.

ලෝක පොල් දිනයට සමඟාමීව මුල්දින කවරයක් සහ විශේෂ සමරු මුද්දර 10ක් නිකුත් කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

1969 වසරේ ආරම්භ කරන ලද ආසියා පැසිපික් පොල් ප්‍රජාව මඟින් 1998 වසරේ පවත්වන ලද 25 වන රැස්වීමේ දී ප්‍රථම වතාවට සැප්තැම්බර් මස 2 වන දින ලෝක පොල් දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

පොල් බෝගය සඳහා පර්යේෂණයන් වෙනුවෙන් 1929 දී ආරම්භ කරන ලද ලොව පිහිටි එකම ආයතනය ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයයි.

මෙවර ලෝක පොල් දිනයට සමඟාමීව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය මඟින් යෝජිත වැඩසටහන් රැසක් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙලෙස විශේෂ සමරු මුද්දර 10 ක් එකවර නිකුත් කර ඇත්තේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටය. පොල් ආශ්‍රිත විවිධ නිෂ්පාදන 10ක් නිරූපනය කරමින් මෙම සමරු මුද්දර නිකුත් කර තිබේ.

වැඩබලන නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) තුසිත හුලංගමුව මහතා මුල්දින කවරය සහ සමරු මුද්දර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්නුවේය.

මෙම අවස්ථාවට වැවිලි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ, වැවිලි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාන, අතිරේක ලේකම් ඩී. එස්. විජේසේකර, පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු නිලධාරී හේමමාලා ෆොන්සේකා, වැඩබලන නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) තුසිත හුලංගමුව, මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments