26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපාන්පිටි මිල වැඩිවන්නේ නැහැ. රාජ්‍ය ඇමැති ලසන්ත

පාන්පිටි මිල වැඩිවන්නේ නැහැ. රාජ්‍ය ඇමැති ලසන්ත

පාන්පිටි මිල කුමන ආකාරයෙන්වත් වැඩිකරන්නේ නැති අතර ඒ නිසා බේකරි නිෂ්පාදනවල මිලද ඉහල යා නොහැකි බව සමූපකාරසේවා, අලෙවිසංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(05) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය………….
සමාජය තුල කතාවක් යනවා පාන්පිටිමලි රුපියල් දොළහකින් වැඩිවෙලා කියලා විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, මුදල් ඇමැතිටත් මම ස්තූතිවන්ත වෙන්න ඕනේ ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඒ සමාගම් සාකච්ඡා කරලා මට ඊයේ සමාගම්දෙකම දැනුවත් කිරීමක් කරනු ලැබුවා පෙරමිලටම පාන් පිටි වෙළෙඳපොළට ලබාදීමට සිදුකරනවා කියලා. සාමාන්‍ය පරිභෝජනය සඳහා තිබෙන පිටි බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරන පිටි කුමන ආකාරයකවත් පාන්පිටි වැඩිවීමක් සිදුවන්නේ නැහැ. 2016දී ජූලි 14 තිරිඟපිට සඳහා උපරිම සිල්ලර මිලක් රුපියල් අසුහතක් ලෙස ගැසට් පත්‍රයේ පළ කළේ ඒ වනවිට ඩොලර් එකසිය හැත්තෑවකට පමණ තිබුණු අමෙරිකානු මෙට්‍රික් ටොන් එකක් අද මේ මිල ඩොලර් දෙසිය හැත්තෑවක් දෙසිය අසූවක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ සමාගම් දිගින් දිගටම අපෙන් ඉල්ලීම් කළා මිල වැඩිකිරීමක් ලබාදෙන්න කියලා. නමුත් පාරිභෝගිකයා මේ අවස්ථාවේ අපහසුතාවයකට පත් කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ කියන තීරණයේ තමයි සිටින්නේ. ඒ නිසා පාන්පිටි මිල වැඩිවීමක් කුමන් ආකාරයෙන් වත් වැඩිවන්නේ නැහැ. ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල වැඩිවීමක් සිදුවන්න බැහැ. මීට පෙර මේ ගැන විවිධ සාකච්ඡා තිබුණා. දැන් බේකරි නිෂ්පාදන වල මිල ඉහල යන්න බැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments