21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාකොළඹ , ගම්පහ හා කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20-29 අතර...

කොළඹ , ගම්පහ හා කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20-29 අතර පිරිසට කොවිඩ් මර්දන එන්නත්දීම (06) ඇරඹේ.

කොළඹ , ගම්පහ හා කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20-29 අතර පිරිසට කොවිඩ් මර්දන එන්නත්දීම (06) ආරම්භවන බව කොවිඩ් 19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මෙම දිස්ත්‍රික්කවල දැනට එන්නත් කරණය සිදු කෙරෙන ස්ථානවලදීම එන්නත් දෙනු ලැබේ. කොළඹදිස්ත්‍රික්කයේ දැනට එන්නත් දෙන ස්ථානවලට අමතරව විහාරමහා දේවී උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානය වයට අවුරුදු 20-29 අතර පිරිසට එන්නත්දීම සඳහා තෝරාගෙන ඇත.
මෙසේ (06) ඇරඹෙන වැඩසටහන යටතේ එන්නත් ලැබෙනුයේ කොළඹ,ගම්පහ ,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට පමණී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments