කොවිඩ් - 19 වයිරස රෝග ව්‍යාප්තිය මර්දනයට සහ සෞඛ්‍ය ධාරිතාව පාලනය කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු 16 කින් යුක්ත යෝජනාවලියක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදී ඇත. සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් - 19 මෙහෙයුම් මැදිරියක් ආරම්භ කිරීම, කොවිඩ් - 19 රෝගීන් හා ආශ්‍රිතයන් ජී.පී.එස්. තාක්ෂණය භාවිතා කර ව්‍යාප්තිය සිතියම්ගත කිරීම, පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට පවතින හැකියාව තවදුරටත් ඉහළ නැංවීම යනාදී කරණු 16 ක් මෙම යෝජනාවලියේ ඇතුළත් බව සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවැසුවේය. රෝග ව්‍යාප්තිය නිසි ලෙස පාලනය කර ගත හැකි මට්ටමින් මර්දනය කිරීමට අපොහොසත්ව මෙරට සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා යාමක් සිදු වුවහොත් පසුගිය අවස්ථාවන්වලදී මර්දනය කළ ආකාරයට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය. දේශපාලන නායකත්වය, සෞඛ්‍ය අංශය හා ධාරිතාව, මහජනතාවගේ දායකත්වය යන කාණ්ඩ තුන විසින් ගන්නා තීන්දු තීරණ හෝ ක්‍රියාමාර්ග වසංගත රෝගයක් මර්දනයට වඩාත් වැදගත් වන බව ද ඒ මහතා පැවැසුවේය.
කොවිඩ් – 19 වයිරස රෝග ව්‍යාප්තිය මර්දනයට GMOA වෙන් කරුණු 16 ක යෝජනාවලියක්
RELATED ARTICLES