වත්මන් ආණ්ඩුවට බලය ලබා දුන්නේ පෙර තිබූ වැරදි නිවැරදි කිරීමට බවත් හිටපු ඇමැති රිෂාඩ් බුදුර්දීන් මහතාගේ අධික්ෂණය යටතේ සිදුවූ පත්වීම් සියල්ල අවලංගු කර විධිමත් පරීක්ෂණයක් සිදුකර සුදුස්සන්ට නැවත අදාළ පත්විම් ලබා දිය යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.
උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඊයේ(14) පාරිභෝගික සේවා අධිකාරියට පැමිණි අවස්ථාවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ-
පාරිභෝගික කටයුතු අධිකාරියට අප ආවේ සභාපතිතුමා ඇතුලු වගකිව යුතු පිරිස දැනුවත් කරන්න. අප සභාපතිතුමා සමඟ දුරකතනයෙන් සම්බන්ධ වුණා. අධ්‍යක්ෂක මහත්මයෙන් මුණගැසුණා.ඇමැතිවරයෙකු වූ රිෂාඩ් බදුර්දීන් මහතා මෙම අමාත්‍යාංශය භාරව කටයුතු කළ කාලයේ කලමනාකරන සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා පාරිභෝගික අධිකාරියට බදවා ගැනීම සඳහා තිබූ සුදුසුකම් ලිහිල් කර විශ්ව විද්‍යා ප්‍රතිපාදන කොම්සන් සභාව මගින් පිළිගත් උපාධියක් එක්ක මේ ආයතනයට යම් පිරිසක් බදවා ගත යුතු බව විමර්ශණ නිලධාරීන් ලෙස. මේ ආයතනයට පුද්ගලයින් බදවා ගැනීම සඳහා සුදුසුකම් ඉල්ලා තිබුණේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පිළිගත් ආර්ථික විද්‍යාව, කළමනාකරණය හෝ අලෙවිකරණය සම්බන්ධයෙන් වන උපාධි සුදුසුකමක් තිබිය යුතු බව. නමුත් අපට පෙනෙනවා ඉතා විශාල වංචාවක් මේ බඳවා ගැනීම් තුළ සිදුවි තිබෙන බව. එනිසා බදුර්දීන් ඇමැතිවරයාගේ අධීක්ෂණයෙන් ලබාදුන් පත්වීම් සියල්ල අවලංගු කර ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර ඉන් අනතුරුව සුදුසුකම් තිබෙන අයට නැවත පත්විම් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිනවා. ඉස්ලාම් ආගම පිළිබඳ උපාධියක් තිබෙන අයට මුස්ලිම් විදුහලක පත්විමක් දීම වරදක් නැහැ. එසේ උපාධි තිබෙන අය පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයට අවශ්‍යද?. ඇතැමුන්ගේ උපාධි තහවුරු කරගෙන නැහැ. මේ රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික හා චින්තන ජිහාදය තේරුම් ගත යුතුයි. බදුර්දීන් මහතා කළ වැරදි නිවැරදි කළ යුතුයි. මොහුව අත්අඩංගුවට ගැනීමට කොච්චර දේ තිබෙනවාද. අක්කර තුන් දහසක් අයිති වුණේ කොහොමද?.