21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විදේශ රටකින් ගෙන්වූ කඩු ඇතුළු තියුණු ආයුධ සමග සැකකරුවෙක් STF අත්අඩංගුවට

විදේශ රටකින් ගෙන්වූ කඩු ඇතුළු තියුණු ආයුධ සමග සැකකරුවෙක් STF අත්අඩංගුවට


වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී විදේශ රටවලින් ගෙන්වන ලද කඩු ඇතුළු තියුණු ආයුධ රැසක් සහ සජීවී උණ්ඩ තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරින් විසින් ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර තිබුණා.

විදේශ රටවලින් ගෙන්වූ අඩි 04ක් පමණ දිගැති කඩු 06ක්, රම්බෝ වර්ගයේ පිහි 06ක්, මෙරට නිෂ්පාදිත කඩුවක්, ෂෝට් ගන් තුවක්කු සඳහා යොදන උණ්ඩ 102ක් සහ එම උණ්ඩ තැනිමට යොදා ගන්නා යකඩ බෝල තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් මෙම තියුණු ආයුධ සමග එක් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වෙන්නප්පුව පොලිසිය විසින් සිදුකිරිමට නියමිතයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments