23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්කූඨ ව්‍යාපාරිකයින් කොරෝනා වසංගතය තුළ ජනතාව තලා පෙලා දැමීම සඳහා ගෙන ගිය...

කූඨ ව්‍යාපාරිකයින් කොරෝනා වසංගතය තුළ ජනතාව තලා පෙලා දැමීම සඳහා ගෙන ගිය කූඨ මාෆියා ව්‍යාපාරය මැඩ පැවැත්වීමට මහජන ආරක්ෂා පනත යටතෙහි දෙවන කොටස ප්‍රකාශයට පත් කරනු ලැබුවා පා.ම. ඩිලාන් පෙරේරා මහතා

කූඨ ව්‍යාපාරිකයින්ගේ කොරෝනා වසංගතය තුළ ජනතාව තලා පෙලා දැමීම සඳහා අරගෙන ගිය කූඨ මාෆියා ව්‍යාපාරය මැඩ පැවැත්වීමට මහජන ආරක්ෂා පනත යටතෙහි දෙවන කොටස ප්‍රකාශයට පත් කරනු ලැබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේබව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……..ඊයේ වෙනකොට විවිධ කූඨ ව්‍යාපාරිකයින්ගේ කොරෝනා වසංගතය තුළ ජනතාව තලා පෙලා දැමීම සඳහා අරගෙන ගිය කූඨ මාෆියා ව්‍යාපාරය මැඩ පැවැත්වීමට මහජන ආරක්ෂා පනත යටතෙහි දෙවන කොටස ප්‍රකාශයට පත් කරනු ලැබුවා ජනාධිපති විසින්. දෙවන කොටස කියන්නෙ පැහැදිලිවම මහජනතාවට අවශ්‍ය කරන්නාවු අත්‍යාවශ්‍ය ආහාර සපයා දීම්, යම් යම් අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීම් සඳහා අවශ්‍ය කරන්නාවූ වැඩපිළිවෙල කඩාකප්පල් කරන අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා ජනතාවට අවශ්‍ය දෑ සැපයීමයි මෙහි ප්‍රධාන අරමුණ.ඒක දඩ මීමා කරගෙන වෙනත් මතයක් සමාජගත කරන්න තමයි ඊයේ විරුද්ධ පක්ෂය උත්සහ කළේ. විපක්ෂ නායකතුමා කියන්න ගත්තේ මේ හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම පාගා දමලා ඒකාධිපති ක්රනම පාලනයක් කරා යන්නයි කියලා. මේ රට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නිසා තමයි මහජන ආරක්ෂක පනත ප්‍රකාශයට පත් කළේ . ඒනිසා තමයි මහජන ආරක්ෂා පනත ප්‍රකාශයට පත් කරන කොට එය පාර්ලිමේන්තුවෙන් සම්මත වීම අවශ්‍ය ව්‍යවස්ථාවට වගන්තියක් දමා තිබෙන්නේ. 71 මැතිණියගේ කාලයේ දී ලංකාවේ හදිසි නිති ප්‍රකාශයට පත් කළා. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයෙක් නොසිට රටේවිවිධ අවස්ථාවන්වලදි, ප්‍රශ්න මතු වූ අවස්ථාවලදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. ඒ නිසා විධායක ජනාධිපති කාලයේ පමණක් සිදු වුණා කියන එක වැරදි සහගතයි. විපක්ෂ නායකතුමාගේ පියා මෙ රට පාලනය කරන කාලයේ මහජන ආරක්ෂක පනත ක්රිතයාත්මක වෙනකොට හනිද්යක් හන්දියක් ගානේ තරුණයින්ව මරලා ටයර් දාලා ටයර් සෑයවල් කියන දේශපාලන සංස්කෘතිය ඇතිවුණේ ඒ කාලයේ. ඒසේමඊයේත් විපක්ෂය හැසිරුණේ ජනතාව තලා පෙලා , බඩු මිල වැඩි කරලා, ජනතාව තලා පෙලන කලු කඩකාරයින්ගේ පැත්තේ සිටගන්න කටයුතු කළේ. මේ ආණ්ඩුව අධිකරණයට, පාර්ලිමේන්තුවට, විධායක ප්‍රජාතන්ත්‍රවාදය කියන මේ මහා කුළු තුන ඒ විදිහට ආරක්ෂා කරන්නයි උත්සහ කරන්නේ.

දැන් මේ වන විට WHO සංවිධානය අපේ රටේ එන්නත්කරණය හොඳින් කරගෙන යනවා කියා අවධාරණය කර තිබෙනවා. මේ ජාවාරම්කාර මාෆියාව වටලන්න ආණ්ඩුව උත්සහ කරනකොට බාධා කරනවා වගේම කොරෝනා වසංගතය ආ අවස්ථාවේ විපක්ෂය හැසිරුණේද ඒ ආකාරයටමයි. ඒ වගේම ඊයේ විරුද්ධ පක්ෂය පෙන්නුවේ මේ කොරෝනා වසංගතය පාවිච්චියට ගෙන ආණ්ඩුව පෙරලන්නයි. එමනිසා අපි රජයක් විදිහට යම් යම් බාධා පැමිණියද ඒ බාධක තුළ කොරෝනා වසංගත තත්වයට අවශ්යම වැඩපිළිවෙළ ක්රිබයාත්මක කරනවා.

රාජ්‍ය ඇමති ඩි.බී.හේරත් මහතා…….
අද බොලඳ වෙච්ච විපක්ෂයක් ආණ්ඩුව පිහිටවු අවස්ථාවේ සිට ආණ්ඩුව අඩපන කරන්න උත්සහ කරනවා. ‍නැගෙනහිර ජැටිය,විශ්ව විද්යානල පනත, ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්න ගෙනත් ජනතාව අතර ප්‍රශ්න ඇති කිරීමටයි ඔවුන් උත්සහ කළේ. මෙහෙම කටයුතු කරන විපක්ෂය අටසිය පනස් වතාවකට වැඩි ප්රිමාණයක් මහජනතාව පාරට බස්වන්නයි උත්සහ කළේ. මේ අවස්ථාවේ සෞඛ්යර අංශ විසින් ලබාදුන් නීති අනුගමනය නොකර සෞඛ්ය සාධාචාරය හෑල්ලු කර ඔවුන් කල කටයුත්තේ ප්‍රතිවිපාක අද ජනතාවට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. නමුත් රජය පසුබට වෙන්නේ නෑ. නමුත් අපි ක්‍රමානුකූලව ලැබි තිබෙන උපදෙස් අනුව කටයුතු කරනවා. අද ලෝකයේම හොඳම එන්නත් කිරීමේ රට බවට පත්වී ඇති බවට ලෝක සෞඛ්යක සංවිධානයෙන් පැසසුමට ලක්වෙලා තිබෙනවා. අද පළමු එන්නත 85% සහ දෙවැනි එන්නත 65% ජනතාවට ලබාදී තිබෙනවා. එහෙම ජනතාවගේ සෞඛ්යස තත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් අපේ සංවර්ධන කටයුතුද සිදු කරන්න අවශ්ය වී තිබෙනවා.

මේ අවස්ථාවේ විපක්ෂයේ පූර්ණ ආශිර්වාදය මධ්ය යේ ක්‍රියාත්මක වෙන වෙළඳ මාෆියාව තුළින් හාල් මිල, සීනි මිල ඉහළ දැමීමට කටයුතු කරනවා. 2019 ආණ්ඩුව කරන කාලයේ සිනි කිලෝ එකක් රුපියල් 100 යි. බද්ධ රුපියල් 30යි. හැබැයි ඒ කාලයේ සහන දුන්නේ නෑ. එහෙම අදූරදර්ශී ලෙස ක්‍රියා කළ විපක්ෂය පහුගිය කාලයේ අපිට මඩ ගැහැව්වා. අපිට එහෙම තමයි විපක්ෂය අවලාද නැගුවේ. මෙහෙම අවස්ථාවක වගකියන ආණ්ඩුවක් විදිහට ප්රෙජාතන්ත්ර වාදය අයිතිය පාවිච්චි කරනු ලබන්නේ. ආණ්ඩුක්රණම ව්ය වස්ථාවට අනුගතව අතිගරු ජනාධිපතිතුමා හදිසි අවස්ථාව පනවලා සඟවා තිබෙන බඩු එළියට ගන්න නිසි බලධාරියෙක් පත් කිරීමයි මෙයින් සිදු කරන්නේ. හැබැයි මේ නිතිය පාර්ලිමේන්තුවේ සම්මත කරපුවාම පාරිබෝගිකයාට සහනයක් ලැබෙනවා කියලා විපක්ෂය දැනගෙන සිටියා.

අද වෙළඳපොලේ කිරිපිටි හිඟයක් තිබෙනවා. මේ නිසා අපි රජයක් හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාර්ගෝපදේශකත්වය තුළ කිරි නිෂ්පාදනය වැඩි කරන්න ලංකාවේ සිටින කිරි ගොවියන්ට අවශ්‍ය පහසුකම් දෙමින් වැඩපිළීවෙලක් සකස් කර තිබෙනවා. මේ වගේ පසුබිමක් තුළ විපක්ෂය කොතෙක් හඬ නැගා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න උත්සහ කළත් අපි නිවැරදි නායකත්වය තුළ ඉදිරි ගමනක් යන්න පුළුවන්කමක් තිබෙනවා. ඔවුන්ගේ බොලඳ උත්හසය තුළ මේ රටේ ජිවත්වෙන ජනතාවයි අපහුතාවයට පත් වන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments