28.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeව්‍යාපාරික පුවත්නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල වර්ධනයට අත්වැලක්.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල වර්ධනයට අත්වැලක්.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% කට පමණ රැකියා අවස්ථා උදාකර දී ඇති මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, රටේ කාර්මික නිෂ්පාදනයෙන් තුනෙන් එකකට පමණ දායක වෙයි. එමෙන්ම මෙම ව්‍යාපාර අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. එහෙත් රටේ ව්‍යාපාරකටයුතුවලටබාධා එල්ල වන සෑමඅවස්ථාවකදීම, ඊට සමගාමීව අභියෝග රාශියකට මුහුණ දීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සිදුවේ. මෙය COVID-19 ව්‍යාප්තිය සමගින්අපටවඩාත්පැහැදිලිවිය. මෙවැනි තත්ත්වයක් හමුවේ, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සවිමත් අත්වැලක් වෙමින්, වගකීම් සහගත මූල්‍ය සේවා සම්පාදකයෙකු ලෙස එම ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන වර්ධනයට උරදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සූදානමින් සිටී.

“රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ වගකීම භාරගනිමින්, ඔවුන්ගේ දීර්ඝකාලීන වර්ධනය උදෙසා ඔවුන්සමගඅත්වැල් බැඳගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කර තිබෙනවා. මෙහිදී එමව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ මූල්‍ය පහසුකම්, ඩිජිටල් තාක්ෂණය, අතිනවීන බැංකු සේවා විසඳුම් සහ උපදේශන සේවාවන් සමග, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලදී බෙහෙවින් ප්‍රයෝජනවත් වන මුදල් කළමනාකරණ සේවා එකතුවක්ද හඳුන්වා දීමටඅපපියවරගත්තා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති – වාණිජ බැංකුකරණ, අරෝෂ ලියනාරච්චි මහතා පැවසී ය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් මෙම සුවිශේෂී විසඳුම් හඳුන්වා දී ඇත්තේ, රටේ ආර්ථිකයට වටිනාකම් එක්කරමින්, දීර්ඝකාලීන සැලසුමක් ඔස්සේ සාර්ථකත්වය කරා යාමට එමව්‍යාපාරවලට උපකාරී වන පරිද්දෙනි. ඉහළ වර්ධන හැකියාවක් සහිත සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ට වෘත්තීය උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමටත්, එම ව්‍යාපාර වල විවිධ පියවරයන් අනුව මතුවන විශේෂ අවශ්‍යතාවන්ට අනුකූල මූල්‍ය විසඳුම් පිරිනැමීමටත් බැංකුව කටයුතු කරයි. මෙම විසඳුම් අතරටව්‍යාපාර පරිපාලන මෙවලම්ද ඇතුළත් වන අතර, එමගින්පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යමින්, ව්‍යාපාරය දියුණු කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකිරීමට ව්‍යාපාර හිමියන්ට අවස්ථාව ලැබේ.

මුදල් ජනනය කිරීමේ චක්‍රය වැඩිදියුණු කරගනිමින්, සමස්ත ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමට ව්‍යාපාරහිමියන්ටනේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ද්‍රවශීලතා විසඳුම් භාවිතා කළ හැක. එමෙන්ම එමගින් ඔවුන්ට සියලුම මූල්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධ දත්ත ගබඩාවක් නිර්මාණය කරගනිමින්, අවශ්‍ය මූල්‍ය තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වන නිසා, සමස්තයක්ලෙසමෙමක්ෂේත්‍රය වඩාත් ලාභදායී ව්‍යාපාර ක්ෂේත්‍රයක් බවට පත්කිරීමට හැකියාව ලැබේ. තවද මෙම ව්‍යාපාර වලට තම ආයතනික සම්පත් සැලසුම්කරණ පද්ධති (ERP systems) නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් සමග ඒකාබද්ධ කිරීමටද අවස්ථාව සලසා දී ඇත.

“ඩිජිටල් තාක්ෂණයට මුල් තැනක් ලැබෙන මෙම යුගයේදී අපලබාදෙනමෙමසේවාවන්, කාරක ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතා කළමනාකරණය සම්බන්ධයෙන් වඩාත් ක්‍රමෝපායික හා කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට මෙම ව්‍යාපාර වලට උපකාරී වෙනවා. එමෙන්ම මහා පරිමාණ ව්‍යාපාර සමග සම්බන්ධ වීමේ අවස්ථා උදාකර දීම, වඩාත් කාර්යක්ෂම ලෙස සැලසුම් සකස් කිරීම සඳහා මගපෙන්වීම, විවිධාංගීකරණය, ප්‍රාග්ධනය ශක්තිමත් කරගැනීම, දීර්ඝකාලීන සැලසුම් සකස්කිරීමආදියත් අපගේ මාර්ගෝපදේශන සේවාවන්ට ඇතුළත්. මේ සියල්ල ඔස්සේ මෙම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අපනයන වෙළඳපොළට පිවිසීමටත් අවස්ථාව ලැබෙනවා.” අරෝෂ ලියනාරච්චි මහතා වැඩිදුරටත් පැවසී ය.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන්නේෂන්ස්ට්‍රස්ට්බැංකුවේමූලිකඅරමුණවන්නේ, එමව්‍යාපාරවල දියුණුවට මහෝපකාරී වන ප්‍රාග්ධන සම්පාදන අවස්ථා උදාකර දෙමින්, රටේ නිෂ්පාදන ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම ය. මෙය වඩාත් ජවසම්පන්න ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් වනු ඇත. මෙම උත්සාහය තුළ සෑම ව්‍යාපාරයක් සමගම සමීපව සම්බන්ධ වෙමින්, දේශීයවෙළඳපොළඉක්මවායමින්විදේශ වෙළඳපොළවල් වෙතටපිවිසීමට එම ව්‍යාපාර වලට අවස්ථාව උදාකර දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කරයි. COVID-19 රෝග ව්‍යාප්තියෙන් අනතුරුව පාරිභෝගිකයන් දුරස්ථ ක්‍රමයට ගනුදෙනු කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන පසුබිමක් හමුවේ, නවීන ඩිජිටල් තාක්ෂණයන් භාවිතයට ගැනීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමටද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පියවර ගෙන ඇති අතර, වියදම් කළමනාකරණය සහ, වඩාත් යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් සඳහා උපකාරී වන දත්ත නිර්මාණය කරගැනීම සම්බන්ධයෙන්ද අවශ්‍ය පසුබිම සකස් කර දී තිබේ. බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් යනු, තම සේවාදායකයන්ගේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් සේවාවන් එකතුවකි. තවද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රටේ විශාලතම ක්‍රෙඩිට් කාඩ්පත් වෙළඳ ජාලයක් හිමි බැංකුවක් වීම, වඩාත් පුළුල් පාරිභෝගික පදනමක් සමග ගනුදෙනු කිරීමේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට බෙහෙවින්වැදගත්වන සාධකයක් වේ.

Business Today සඟරාවමගින්නේෂන්ස්ට්‍රස්ට්බැංකුවමෙරටවිශිෂ්ටතමව්‍යාපාරිකආයතන 15 අතරටනම්කරතිබේ. පුළුල්පරාසයකපැතිරුණුපාරිභෝගිකඅවශ්‍යතාවන්ටගැලපෙනතිරසාරමුල්‍යසේවාවන්හාවිසඳුම්රැසක්හඳුන්වාදීඇතිනේෂන්ස්ට්‍රස්ට්බැංකුව, පාරිභෝගිකසේවාවසම්බන්ධයෙන්දවිශාලප්‍රසාදයක්දිනාසිටී. දිගුකළබැංකුකාලයආදීපාරිභෝගිකකේන්ද්‍රීබැංකුසේවාරැසක්පළමුවරටහඳුන්වාදීමටදනේෂන්ස්ට්‍රස්ට්බැංකුවමුල්විය. එමෙන්මශ්‍රී ලංකාවේප්‍රථමපූර්ණඩිජිටල්කරණබැංකුඅත්දැකීමවනFriMiහඳුන්වාදෙනලද්දේදනේෂන්ස්ට්‍රස්ට්බැංකුවවිසිනි. එමෙන්මතමකාඩ්පත්හිමියන්ටවිශිෂ්ටවටිනාකමක්, සේවාවක්හාසබඳතාවක්නිර්මාණයකරදෙමින්ශ්‍රී ලංකාවතුළඇමෙරිකන්එක්ස්ප්‍රස්කාඩ්පත්නිකුත්කිරීමේපූර්ණබලයදනේෂන්ස්ට්‍රස්ට්බැංකුවසතුවේ. මේවනවිටදිවයිනපුරානේෂන්ස්ට්‍රස්ට්බැංකුශාඛා 96ක්විවෘතකරඇතිඅතර, ATM යන්ත්‍ර 127ක්දස්ථාපිතකරඇත. ඊටඅමතරවමේවනවිටඑමබැංකුවමුදල්තැන්පත්කිරීමේහාආපසුගැනීමේයන්ත්‍ර 48ක්දස්ථාපිතකරඇතිඅතර, Lanka Pay ජාලයඔස්සේතවත් ATM යන්ත්‍ර 3,700කටඅධිකසංඛ්‍යාවක් සමඟසම්බන්ධවීසිටී. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments