කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තය හරහා ඔක්සිමීටර් තොගයක් නීති විරෝධී ලෙස (06) මෙරටට ගෙන ඒමේ උත්සාහය ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් වළක්වා ගෙන තිබේ. නිෂ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ව්‍යාජ ලියවිල්ලක් ශ්‍රී ලන්කන් කාගෝ ආයතනයේ නිලධාරීන්ට ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන ඇත. රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් පිටවීමේ දොරටුවේ දී මෙම භාණ්ඩ තොගය පරික්ෂා කිරීමේ දී ඒ සම්බන්ධයෙන් රේගු සටහන්කර ක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බවත් ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවත් සොයා ගෙන ඇත. අදාළ භාණ්ඩ තොගය පරික්ෂා කිරීමේ දී එහි තිබී පෙට්ටි 21 ක අසුරන ලද ඔක්සිමීටර් 4200 ක තොගයක් සොයා ගෙන තිබේ.
මෙම ඔක්සිමීටර් තොගයේ වටිනාකම රු. 2,344,642/= ක් වශයෙන් ගණන් බල ඇත. සැකකරු (07) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත් එම සැකකරු (21) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ කටුනායක රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.