විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පො.ප. එම්.එම්. විජේසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) රිදීගම පොලිස් වසමේ
රම්බඩගල්ල රජමහ විහාරය අසල, දෙල්විට මාර්ගයේ දී සිදුකළ වැටලීමකදී
නීති විරෝධී ලෙස ඇත් දළක්, වාලම්පුරි හා ගජුමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රිදීගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ හෙරොයින් ග්‍රෑම් හතයි මිලි ග්‍රෑම් එකසිය හැත්තෑවක් හා 515,000.00ක මුදල් සැකකරුළඟ තිබි අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලම්පිටිය පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 44යි මිලිග්‍රෑම් 460ක් සමග පුද්ගලයකු අත්රඩංගුවට ගෙන ඇත. මීට අමතරව හම්බෙගමුව පොලිස් වසමේ නීතිවිරෝධිව ගංජාහේනක් වටලා අඩි පහයි, අඟල් එකක් උස ගංජා ගස් 375ක් අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කහවත්ත පොලිස් වසමේ වැටලීම් පහක් සිදුකර නීතිරීති මැත්පැන් මිලි ලීටර් 123,750ක්, ගෝඩා මිලි ලීටර් 540,000ක් හා පෙරීමේ උපකරණ සමග පුද්ගලයින් 05ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන පොලිස් වසමේ බලපත්‍ර නොමැතිවය තොප්පිගල රක්ෂීතයට ඇතුළුවී වැලි පටවමින් සිටි පුද්ගලයකු ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදි වැලි ජාවාරමුන්ද අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී ඇත.