27 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්police newsරුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමක් ඇති මත් පෙති 9000 ක් එස්.ටි.එෆ්. දැලේ.

රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමක් ඇති මත් පෙති 9000 ක් එස්.ටි.එෆ්. දැලේ.

රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමක් ඇති නීති විරෝධී මත් පෙති 9000 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට

ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වර්ණ ජයසුන්දර මහතා යටතේ ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මිරිහාන පොලිස් වසමේ දී (09) වෛද්‍ය නිර්දේශයන් මත මානසික ආබාධිත රෝගීන් සඳහා ලබාදෙන මත්පෙති නීති විරෝධීව මහරගම, කොට්ටාව, හෝමාගම ප්‍රදේශවලට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 30,36 යන වයස් කාණ්ඩයේ පුද්ගලයන් දෙදෙනකු මත් පෙති 9,000ක් සමග ජංගම දුරකථනයක් හා මෝටර් රථයක් නුගේගොඩ තලපත්පිටිය හා උඩහමුල්ල ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයින් හා භාණ්ඩ පුද්ගලයින් හා දේපල වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානයට භාර දෙන දීමට පියවර ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා ලැබු නීති විරෝධී මත් පෙති වල වෙළෙඳපොළ වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂ නවයකට ආසන්න වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments