රුපියල් මිලියන පන්සිය තිහක් වටිනා සීනි පාරිභොගික අධිකාරියේ නිලධාරින් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට
ගෙන තිබේ.
මෙම වැටලීම ඇතුළු සියලු වැටලීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකර තිබේ.
ඒ අනුව කඩවත ගෝනහේන ප්‍රධාන කදවුර භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් සහ ස.පො.අ එච්.එම්.කිර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබු තොරතුරකට අනුව පො.ප එච්.පි.එම්.එස්.කේ.වීරක්කොඩි ඇතුළු නිලධාරින් කණ්ඩායමක් (08) සහ (09) පාරිභොගික අධිකාරිය ගම්පහ ස්ථානාධිපති රංජිත් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සමග වැටලිම් සිදුකරන සිදු කර ඇත.
පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රාතබන ලැබු සීනි ගබඩාවක් අනවසරෙන් විවෘතකර සීනි අලෙවි කරමින් සිටි ස්ථානයක් වටලා රුපියල් මිලියන පන්සියතිහක් වටිනා සීනි හා ලොරි
රථයක් අත්අඩංගුවට ගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා සැකකරුවන් කඩවත පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
එමෙන්ම විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති පො.ප. පි.කේ.ඩි.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (09) කෑගල්ල පොලිස් වසමේ දී වැටලීමක් සිදුකර ඇත.
බුද්ධි තොරතුරකට අනුව රේස් බුකියක් පවත්වාගෙන යන සිටි චීන සම්බවයක් සහිත පුද්ගලයකුගේ නිවස සෝදිසි කිරීමේ දී අල්මාරියක් තුල සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත CZ 85 B වර්ගයේ පිස්තෝල අවියක් සමග මිලි මීටර් 09 යේ උන්ඩ 09ක් හා එම මැගසිනයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෑගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පොහොර ව්‍යාජ ලෙස ඇසුරුම් කර අලවියට සූදානම් කළ පොහොර තොගයක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට
වි කඩවත ගෝනහේන ප්‍රධාන කදවුර භාර නිලධාරි වන ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් සහ ස.පො.අ එච්.එම්.කිර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන්විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පො.ප එච්.පි.එම්.එස්.කේ.වීරක්කොඩි ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මීගහවත්ත පොලිස් වසමේ අංක 71 මීගහවත්ත සියඹලාපේ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත එහිදී ව්‍යාජ ලෙස ඇසුරුම් කළ KG 50 බැගින් බරින් යුතු පොහොර මිටි 1940ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට බාර දීමෙන් පසුව ස්ථානයට මුද්‍ර තබා ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කර කරමින් සිටී
මස්කෙලිය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස රජයේ අරක්කු ප්‍රමාණය ඉක්මවා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් කළ වැටලීමකදී බලපත්‍ර රහිතව තේක්ක දැව කඳන් ප්‍රවහනය කරමින් සිටිද්දි පුද්ගලයින් දෙදනකු එම දැව කඳන් තොගය හා ප්‍රවහනය කළ රථය අත් අඩංගුවට ගෙන තිබේ. මේ අතර ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් කේරළ ගංජා ළඟ තබාගත් පුද්ගලයන් දෙදනකු එම භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ 11හි නිලධාරින් කණ්ඩායමක් වැටලිමක් සිදුකර නීති විරෝධි ලෙස තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි 1800ක් අඩංගු කාටූන් නවයක් රුපියල් ලක්ෂ හැත්තෑ හතර දහසක් ආසන්න වටිනාකමක් යුත් එනසාල් කිලෝග්‍රෑම් 370ක් අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව කැලෑ පාළුවන්, නීතිවිරෝධි මත්පැන් හා වැලි ජාවාරමුන්ද අත් අඩංගුවට ගැනීම පොලිස් විශේෂ කාර්ය බලකා සමත්වී අත.