සංචරණ සීමා කාල සීමාව තුළ රුපියල් කෝටි හතරකට වැඩි කේරළ ගංජා තොගයක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂ යටතේ ප්‍රධාන කදවුර භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් සහ ස.පො.අ. එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ මෙහෙය වීමෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති වෙත ලැබුණු තොරතුරක් අනුව ස්ථානාධිපති පො.ප. එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) කිරිබත්ගොඩ පොලිස් වසමේ කිරිබත්ගොඩ නගරයේ මාර්ග සංඥාව අසල දී සහ කැළණිය පොලිස් වසමේ අංක 483/09/ඒ, උස්වත්ත, පහළ පාර, ගෝනවල ලිපිනයේ දී සහ කඩුවෙල පොලිස් වසමේ කඩුවෙල, යක්කල හන්දිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර පුද්ගලයින් තිදෙනෙකු සමග කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 261 ග්‍රෑම් 830 ක් සමඟ කේරළ ගංජා අලෙවි කිරීමෙන් උපයාගත් රුපියල් ලක්ෂ දහයක මුදලක් හා කැබ් රථයක් සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.
මෙම පුද්ගලයින් මට්ටකුලිය,වරාගොඩ කැලණිය, ටොරින්ටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. අඟුලාන පොලිස් වසමේදීද නීති විරෝධි කේරළ ගංජා මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකසිය පනහක් අත් අඩංගුවට ගෙන ඇත. මීගමුව පොලිස් වසමේ නීති විරෝධිව තීරුබදු රහිත මෙරටට ගෙන්වන ලද ARGOS වර්ගයේ දුම්වැටි 5000ක් ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව මොරටුව පොලිස් වසමේ නීති විරෝධි හෙරොයින් මිලිග්‍රෑම් 4,570ක් සහ මිලි ග්‍රෑම් 4,810ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත් අඩංගුවට ගෙන ඇත. ගණෙමුල්ල පොලිස් වසමේ නීතී විරෝධි මත්පැන් මිලි ලීටර් 33,750ක් ළඟතබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගැනීමට සමත්වි තිබේ. එම පොලිස් වසමේම තවත් නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 30,000ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 260 මිලිග්‍රෑම් 600 ළඟ තමාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර කුරුණෑගල පොලිස් වසමේ නීතිවිරෝධිව හෙරොයින් මිලිග්‍රෑම් 2.360ක් සහා පුද්ගලයින් දෙදනකු අල්ලාගෙන තිබේ. මන්නාරම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ඉලුප්පුකඩවායි පොලිස් වසමේ බලපත්‍ර නොමැති ස්ථානයකින් ටිපර් රථයකට වැලිපටවමින් සිටින අයකුල් අල්ලාගෙනඇත. කරදියාරු පොලිස් වසමේ බලපත්‍ර නොමැතිව මුන්දෙනි ආරු ඇල තුලට ට්‍රැක්ටර් රථය බස්සවා වැලිකැණීම් කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සේරුනුවර පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් වැලි ප්‍රවහනය සිදුකළ ටිපර් රථ පහක් සහ සැකකරුව් පහක් අත්අඩංගුවට ගෙන තිබේ. කුච්චිවේලි පොලිස් වසමේ බලපත්‍ර රහිතව රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවි අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් එළපෙහෙළි කර ගිණි තබමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙනඇත.
උප්පුවේලි පොලිස් වසමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ටිපර් රථයකින් බොරළු පස් ප්‍රවහනය කරමින් සිටින පුද්ගලයකු ද රත් පොලිස් වසමේ නීති විරෝධි පුපුරන ද්‍රව්‍ය වන ජෙලට් නිට් (ඩයින)කූරු 38ක් සහ විදුලිමය නොවන ඩෙටනේටර් 300ක් ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.