රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙමින් පවතී
- අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා
රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙමින් තිබෙන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව සදහන් කළේ ඉකුත්(10) පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.
පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්රයමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්යවතාවද මෙහිදී සාකච්ජා විය.
එමෙන්ම වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විෂමතාව විසඳීම ප්රේබල ගැටලුවක් බව පෙන්වා දුන් රාජ්යම අමාත්යහ සුසිල් ප්රේ ම්ජයන්ත් මහතා පැවසුවේ, ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලද ක්ර්මවත් කළ යුතු බවයි. අධ්යාේපන පීඨ විශ්වවිද්යාබල බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ක්රි යාත්මක බවද රාජ්යර අමාත්යතවරයා මෙහිදී පැවසීය.
වර්තමානයේදී රාජ්යළ භාෂා විශාල පරිහානියකට ලක්ව ඇති බව අමාත්යු වාසුදේව නානායක්කාර මහතා සූම් තාක්ෂණය ඔස්සේ කාරක සභාව හා සම්බන්ධ වෙමින් පැවසීය. එමෙන්ම වර්තමානය වන විට ඉංග්රීයසි භාෂාව මෙරට අධ්යහයන භාෂාව බවට පත්වෙමින් පැවතීම සම්බන්ධවද හෙතෙම කාරක සභාවේ අවධානය යොමු කළේය.
ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සදහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 02 ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය උපදේශක කාරක සභාවේදී පසුගියදා (10) අනාවරණය විය. නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයේ කොටසක් ලෙස ඇතුළත් කළ යුතු බවටද යෝජනා විය. ළමා අයිතිවාසිකම් සම්බන්ධවද ඊට ඇතුළත් කිරීම ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනවිය සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වෙමින් පැවසුවාය. නීතිය සහ සමාජය අතර පවතින සම්බන්ධයද එය තුළින් නිරූපනය විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
පාසල් වලට අනුයුක්ත කර ඇති උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවටද මෙම කාරක සභාවේදී සාකච්ජා විය. උපාධිධාරින් 60000 න්,18000 ක් දැනට පාසල් වලට අනුයුක්ත කර තිබෙන අතර, ඔවුන් ස්ථිර කිරීමට මේ වන විට යෝජනා වී ඇති ක්රාමවේදය ගැටලු සහගත බවද මන්ත්රීකවරුන් කාරක සභාවට පෙන්වා දුන්නේය. මේ වනවිට පාසල්වලට අනුයුක්ත කර ඇති ඇතැම් උපාධිධාරින් ඒ සඳහා කැමැත්තක් නොදක්වන බවද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙහිදී කීවේය.
ගරුවරුන්ගේ අභිමානය සුරකීමටද නිසි වැඩපිළිවෙලක් ක්රි යාත්මක කිරීමේ අවශ්යොතාව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ජාතික පාසල් 1000ක් ඇති කිරීමේ ව්යාමපෘතියට පාසල් තෝරා ගැනීමේ වැඩපිළිවෙල පිළිබද කාරක සභාවේදී තවදුරටත් සාකච්ඡා විය. ඒ සදහා කටයුතු කර ඒ පිළිබදව කාරක සභාවට පැහැදිලි කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්යප කපිල පෙරේරා මහතාට දැන්වීය.
මෙම කාරක සභා රැස්වීමට රාජ්යක අමත්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තුවේ අධයපන අමාත්‍යාංශයීය කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන අනූප පස්කුවෙල්,යදාමිණි ගුණවර්ධන , ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්ම මහත්මීන්ද සභභාගිවූහ. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ සහ පියල් නිශාන්ත මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,ගෙවිදු කුමාරතුංග යන මහත්වරුද සූම් තාක්ෂණය ඔස්සේ කාරක සභාවට සම්බන්ධ වූහ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිහු සහ ඊට සම්බන්ධ ආයතනයන්හි නිලධාරිහුද සූම් තාක්ෂණය ඔස්සේ මෙම කාරක සභා රැස්වීමට සභභාගී වූහ.
හය මසකට පසු රැස්වූ මෙම කාරක සභාව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යධූරයට පත්වීමෙන් අනතුරුව පැවැති පළමු අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වීම විශේෂත්වයකි.