21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsව්‍යාපාරිකයකුගේ ඝාතනයේ සැකකරු වසර හතරකට පසු අත්අඩංගුවට.

ව්‍යාපාරිකයකුගේ ඝාතනයේ සැකකරු වසර හතරකට පසු අත්අඩංගුවට.

ඇඩම් එක්ස්ෆෝ පුද්ගලික සමාගම ඇතුළු සමාගම් නවයක හිමිකරුවකු වූ ශබීර් අබ්බාස් ගුලාන්හුසේන් යන අයගේ ඝාතනයේ සැකකරු වසර හතරකට පසු අත්අඩංගුවට ගනී.

මෙම ව්‍යාපාරිකයා 2017 ජූනි (09) ඔහුගේ සේවාකාර්යාලයේදී මියයෑම සැකසහිත බවට 2018 අගෝස්තු වනදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඇඩම් එක්ස්ෆෝ පුද්ගලික සමාගමේ හිමිකරුව සිටි ශබීර් අබ්බාස් ගුලන්හුසේන්ගේ මරණය ස්වභාවික නොවන ගෙල සිර කිරීමෙන් සිදුවු මනුෂ්‍ය ඝාතනයක් බවට කරුණු අනාවරණය වීමෙන් පසු ඝාතනයට සැකපිට කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක්වු මරණකරුගේ බාල පුත්‍රයා මෙම (11) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු (12) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments