26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඉරානය සෑම දුෂ්කර අවස්ථාවකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා

ඉරානය සෑම දුෂ්කර අවස්ථාවකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබාදීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඩේ කර්මාන්ත ඇමැති විමල් වීරවංශට පැවැසීය.

කර්මාන්ත අමාත්‍යංශයේදී ඇමැති විමල් වීරවංශ හමු වූ අවස්ථාවේදී තානාපතිවරයා මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට තාක්ෂණික සහයෝගය ලබාදීමට හැකි බවත් ඒ සඳහා ඉරාන රජය සහ ආයෝජකයන් සූදානමින් සිටින බවත් තානාපතිවරයා එහිදී පැවැසීය. ඇමැතිවරයා එහිදී සඳහන් කළේ ඉරානය ලොව ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් සැපයුම්කරුවකු ලෙස කැණීම් හා ඛනිජ ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්තයන්හි සුවිශාල දැනුම් සම්භාරයක් අත්පත් කරගෙන ඇති බැවින් මෙරට ඛනිජ ආශ්‍රිත කර්මාන්ත වැඩි දියුණු කිරීමට මැදිහත් වන ලෙසය.

ඇමරිකා එක්සත් ජනපද සම්බාධක හමුවේ ඉරාන ජනතාව පත්ව ඇති අපහසුතා පිළිබඳ සිය කනගාටුව පළ කර සිටි විමල් වීරවංශ ඇමැතිවරයා, එසේ තිබියදී පවා ඉරානය සෑම දුෂ්කර අවස්ථාවකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ සිය කෘතඥතාවද පළ කළේය.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව කර්මාන්ත ඇරඹීමේ ඉඩකඩ ඉරාන ආයෝජකයන්ට සලසා දිය හැකි බවත්, ඒ සඳහා ඇරයුම් කර සිටින බවත් කර්මාන්ත ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකාවට ආයෝජන රැගෙන විත් කර්මාන්ත ආරම්භ කිරීම ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය වැනි රටවල් සමග පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ සිදු කළ හැකි නම් එම ඉරාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ කර්මාන්තවල නිෂ්පාදන ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ නාමය යටතේ ඉහත රටවලට අලෙවි කිරීමේ හැකියාව පවතින බවත් එසේ සිදුකොට ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට රුකුලක් වීමට තම රට සූදානම් බවත් මෙහිදී ඉරාන තානාපතිවරයා පැවැසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments