29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනිය අත්සන් තබයි

නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනිය අත්සන් තබයි

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් අද දින (15) අත්සන් තබා ඇත.

මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩ කරන පුද්ගලයින් හට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථාන වලට ඇතුලුවීම හා පවත්වාගෙන යාම පිළිබදව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දී ඇත. ඒ අනුව,

1). සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුව ආවරණයක් පැළැද සිටීම.

 2). දෙදෙනෙකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.

3). සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

4).  විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.

5). ඇතුල්වන සෑම තැනැත්තකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබද විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වාගෙන යාම

 6). සේවා ස්ථාන වල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීමඒ අතර වේ.

එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණු වලට අදාල නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් කටයුතු යොදා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments