28.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්police newsනිරෝධායන ඇඳරිනීතිය පැවැති සමයේ මහපරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ඉස්කාගාර තුනක් ඇතුළු තවත්...

නිරෝධායන ඇඳරිනීතිය පැවැති සමයේ මහපරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ඉස්කාගාර තුනක් ඇතුළු තවත් ජාවාරම් හසු කර ගැනීමට එස්.ටී.එෆ්. සමත්වෙයි.

සංචරණ සීමා පැවති

කාලවකවානුව තුල නීති විරෝධී

මත්පැන් නිෂ්පාදනය කල

පුද්ගලයින් 07 දෙනෙකු විශේෂ

කාර්ය බලකායේ අත්අඩංගුවට

ගැනීමට සමත්වී තිබේ.

විශේෂ කාර්ය බලකායේ අණදෙන

නිලධාරී නියෝජ්‍ය පොලිස්පති

නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ

උපදෙස් හා මෙහෙයවීම අනුව

විශේෂ කාර්ය බලකාය යාපනය

කලාපයේ අණදෙන නිලධාරී

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී

ඩි.ඩි.ඩි.කේ. හෙට්ටිආරච්චි

මහතාගේ මගපෙන්වීම යටතේ සහ

විශේෂ කාර්ය බලකාය මන්නාරම

සේනාංකයේ ප්‍රාදේශීය අණදෙන

නිලධාරී සහකාර පොලිස් අධිකාරී

ඒ.පි. මාලන් පිගේරා මහතාගේ

උපදෙස් මත විශේෂ කාර්ය

බලකාය පරයනාලන්කුලම්

කදවුරේ කදවුරු අණදෙන නිලධාරී

පො.ප. ඩි.පි. මානවසිංහ ඇතුළු

නිලධාරීන් කණ්ඩායමක් විසින්

කඳවුරේ බුද්ධි අංශයට ලැබු

තොරතුරු මත (07) සිට (12)

දක්වා කාලය තුළ මුරුංකන් හා

අඩම්පන් පොලිස් බල ප්‍රදේශ වලින්

ආවරණය වන යෝධ වැව වැව්

රක්ෂිතයේ දිගු කලක සිට මහා

පරිමාණයෙන් සිදු කරගෙන ගිය

නීති විරෝධී මත්පැන් හෙවත්

කසිප්පු නිෂ්පාදනය කරන ස්ථාන

03ක් මත්පැන් නිෂ්පාදනය කිරීමේ

උපකරණ සමග ගෝඩා සහ කසිප්පු

විශාල ප්‍රමාණයක් සමග

සැකකරුවන් 07 දෙනෙකු

අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී

රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක්

(රු. 170,000.00 ) වටිනා

නීති විරෝධී මත්පැන් මිලි ලීටර්

85,000 ක්ද,
රුපියල් එක්

කෝටි හතලිස් නව ලක්ෂ හැත්තෑ

හය දහසක් (රු.

14,976,000.00 )

වටිනා ගෝඩා මිලි ලීටර්

4,680,000 ක්ද,
ලීටර්

200 ප්‍රමාණයේ යකඩ සහ

ප්ලාස්ටික් බැරල් 30 ක්ද,
නිති

විරෝදී මත්පැන් නිෂ්පාදනයට

උපයෝගී කරගන්නා තඹ දඟර

03 ක්ද සමග වයස අවුරුදු 20 ත්

54 ත් අතර වයස් කාණ්ඩවල

පසුවන සැකකරුවන් 07 දෙනෙකු

අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම

සැකකරුවන් සියළු දෙනා

මුරුංකන් සෙම්මන්තිව් ප්‍රදේශයේ

පදිංචිකරුවන්ය.

මේ පිළිබඳ වැඩිදුර

විමර්ශන කටයුතු හා අධිකරණ

කටයුතු සදහා සැකකරුවන් හා නඩු

භාණ්ඩ මුරුංකන් හා අඩම්පන්

පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකා මූලස්ථාන

කඳවුරේ මෙහෙයුම් අංශයේ

නිලධාරීන් කණ්ඩායමක් අයිස්

මත්ද්‍රව්‍ය හා හෂීස් මත්ද්‍රව්‍ය

ළඟතබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන සඳහා දෙහිවල

පොලිසියට භාරදී තිබේ. මේ අතර

බුත්තල කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් ඩොලමයිට් ගල්

කැණීම් කිරීමට නිකුත් කර ඇති

අංක 1956 අංක 21 දරණ

පුපුරණ ද්‍රව්‍ය පනත යටතේ දෙනු

ලබන බලපත්‍රය කල් ඉකුත්ව

තිබියදී පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත්

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

ඇත. මේ අතර හපුතලේ නිලධාරීන්

කණ්ඩායමක් නීති විරෝධි ගිනි

අවියක් ළඟ තබාගත් පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම

ගෝනහේන කඳවුරේ නිලධාරීන්

නීතිවිරෝධි මැත්පැන් හා පෙරීමේ

උපකරණ ළඟතබාගත් සිටි අයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුරට

විමර්ශන සඳහා කටුනායක

පොලිසියට භාරදී තිබේ.
මන්නාරම කඳවුරේ නිලධාරි

පසුගිය යුද සමයේ සඟවන ලැබු

බවට සැකකරන පුද්ගල පීඩන

නාශක බෝම්බ සොයාගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා

ඉලුප්පුකඩවායි පොලිස්ථානය වෙත

භාරදී ඇත. මාන්කූලම් කඳවුරේ

නිලධාරී බලපත්‍ර කොන්දේසී

උල්ලංඝනය කරමින් වැලි පටවමින්

සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

වැඩිදුර විමර්ශන වෙනුවෙන්

මාන්කූලම් පොලිසියට භාරදී

ඇත.කැබිති ගෝල්ලෑව

කණ්ඩායමක් රක්ෂිතයේ අක්කර

එකක් පමණ ප්‍රදේශයක්

අනවසරයෙන් එළි පෙහෙලි

කරමින් සිටි පුද්ගලයකු

අත්අඩංගුවට ගෙනවැඩිදුර විමර්ශන

සඳහා හොරොව්පතාන බීට්ටු වන

කාර්යාලය වෙත භාරදී ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීම් හතරකදි බලපත්‍ර නොමැතිව වැලිකෑණීම් කර පටවමින් සිටි පුද්ගලයින් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කන්තලේ නිලධාරී කණ්ඩායමක් අක්කර දෙකක් පමණ ප්‍රදේශයක් අනවසරයෙන් එළිපෙහෙලි කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. බුත්තල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බලපත්‍ර කල් ඉකුත්වී තිබියදී එක්ස්කැවේටර් යන්ත්‍රයක් උපයෝගි කරගෙන ඩොලමයිට් ගල් කැණීම් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments