මෙරට වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන් ඉහල යමින්,තරුණ ප්‍රතිශතය පහළ යන බැවින් අනාගත ශ්‍රම බලකායේ විශාල රික්තයක් ඇති විය හැක.එම නිසා ලෝකයේ අනෙක් රටවල පවතින විශ්‍රාම ගැන්වීමේ වයස ඉහල දැමීම ද සලකා බලා ,මෙරට අනාගතයේ දි සේවා ප්‍රවීනයන් ගෙන් තවදුරටත් රටට සේවය ලබාගැනීමේ අරමුණින් මෙරට පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස හැට (60) දක්වා ඉහල දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි . ඊයේ (14) කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේ ඉදිරිපත් වූ මෙම යෝජනාවට සේව්‍ය සම්මේලනයේ සහ වෘත්තීය සමිතිවල පූර්ණ එකඟතාවය පළ කිරීම කිරීම පිළිබඳව ඇමතිවරයා සිය ප්‍රණාමය පළ කළේය. එහි දි අදහස් දැක් වූ සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා කියා සිටියේ,මෙම තීරණය ඉතාමත් ඵලදායි එකක් බවය.නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා කියා සිටියේ,අවුරුදු 55 න් පසු අපතේ යන පරිණත සේවකයන් ගෙන් රටට තවදුරටත් සේවයක් ගැනීමට මෙම යෝජනාව ඉවහල් වන බවය.සී.එම්.යු.නායක සිල්වෙස්ටර් ජයකොඩි මහතා පෙන්වා දුන්නේ විශ්‍රාම ගිය පසු ද එම සේවකයන්ට ද කොන්ත්‍රාත් පදනම යටතේ හෝ තවදුරටත් සේවය කරන්න ඉඩ දී ඔවුන්ගේ පළපුරුද්දෙන් හා දැනුමින් රටට වැඩ ගත යුතු බවය. මේ පිළිබඳ අවසන් තීරණය මීලඟ කම්කරු උපදේශක සභාවේ දි ප්‍රකාශයට පත් කරන බව ද ඉන්පසු ඊට අදාල නෛතික ප්‍රතිපාදන සකස් කරන බව අමාත්‍යවරයා මෙහි දි ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ,කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර සහ වෘත්තීය සමිති නියෝජිතයෝ ද එක් වූහ.
පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස හැට (60) දක්වා ඉහල දැමීමට අවධානය
RELATED ARTICLES