26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපොලිස් විශේෂ කාර්ය බලකාය වගා සංග්‍රාමයක් අරඹයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය වගා සංග්‍රාමයක් අරඹයි.

විශේෂ කාර්ය බලකායේ කඳවුරු වල වගාබිම් ඇති කරමින් කෙටි, මධ්‍ය හා දිගු වශයෙන් ආහාර නිෂ්පාපදන ධාරිතාව වැඩිකර ගැනීමේ කෘෂිකාර්මික වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආහාර හිගයකදී කඳවුරු තුලින්ම නිලධාරීන්ට අවශ්‍ය ආහාර වර්ග නිපදවා ගැනීම මෙහි අරමුණ වී ඇත. මෙය විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවේ.

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ආහාර සම්බන්ධයෙන් නිලධාරි අනාරක්ෂිත භාවයෙන් මුදවා ගනිමින් නිලධාරීන්ගේ කායික මානසික ඒකාග්‍රතාවය පවත්වාගැනීම සහ කඳවුරු වල භෝජනාගාර මුදල අවම අගයක පවත්වා ගෙන යෑම, කාබණික පොහොර භාවිතයෙන් වස, විස වලින් තොර නැවුම් එලවළු, පලා හා පලතුරු වර්ග භාවිතය ගැනීම නිසා නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නැන්වීම.

එපමණක් නොව කඳවුරු වල නිලධාරීන් ගේ කණ්ඩායම් හැඟීම හා සාමුහිකභාවය වර්ධනය කිරීම, මෙන්ම කාබනික පොහොර භාවිතයට කඳවුරු වල නිලධාරීන් නැඹුරු කිරීම වැනි මූලික සංකල්පයන් අරමුණු ඇතිව විශේෂ කාර්ය බලකාය කඳවුරු අතර පවත්වන ලබන වගා තරඟාවලියේ ප්‍රථම ස්ථානය විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුර මගින් දිනා ගන්නා ගත්තේය.

මෑත කාලින, මධ්‍ය කාලීන හා දීර්ග කාලින වශයෙන් ඉලක්ක කර ගනිමින් වගා කර ඇති එලවළු, පලතුරු, පලා වර්ග ඇතුලු වෙනත් පැපොල්, කෙසෙල්, පේර, අඹ දොඩම්, දෙළුම්, අනෝදා වැනි බෝග සහ දීර්ඝ කාලීන බෝග වන කොස් දෙල් ,පොල් කතුරුමුරුංගා ද වගා කිරීම මෙම සුවිශේෂි ව්‍යාපෘතියේ අපේක්ෂාව වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments