ලක්ෂ හතරකට අධික කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට දෛනික වැටලීම්වලදි අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් iii හි පො.ප. ජේ.පී.පී. අංජන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (14) බොරැල්ල පොලිස් වසමේ පාර්ක් රෝඩ් බොරැල්ල, යන ස්ථානයේදී කිලෝ 03, ග්‍රෑම් 250 කට අධික කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි මරදාන ප්‍රදේශයේ පදිංචි වයස 41 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා වල දල වටිනාකම ලක්ෂ හතරකට අධික වේ.
මේ අතර විශේෂකාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරී කණ්ඩායමක් ගොතටුව පොලිස් වසමේදී මාදින්නාගොඩ, රාජගිරිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට නවතා තිබු ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් සහ එහි එහි අනන්‍යතාවය තහවුරු කිරීම නොහැකි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිමඩ පොලිස් වසමේ හඹරගලවත්ත, බොරගස් ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් ලීටර් 25ක් ළඟතබා ගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙනඇත.
කඩුවෙල පොලිස් වසමේ පට්ටියවත්ත පාර, කොතලාවල, කඩුවෙල ලිපිනයේ පිහිටි නිවසේ හෙරොයින් ග්‍රෑම් 2.5ක් සමග අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අඩම්පන් පොලිස්වසමේ ඊච්චලවකෛ කල්වාඩිආර් ඔය ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ස්ථානයකින් ට්‍රැක්ටර් රථයකට වැලි කියුබ් 0.75ක පමණ ප්‍රමාණයක් පටවමින් සිටි එක් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙනඇත. ජන්මන්තුය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ට්‍රැක්ටර් රථයක් හැඩ ඔයට බස්සවා වැලි කැණීම් කර පටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. පොතුවිල් පොලිස් වසමේ 03කණුව, පුදුවැලි ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ලෝඩර් යන්ත්‍රයකින් වැලි කැණීම් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවර එළිය පොලිස් වසමේ හාවාඑළිය, නවගංගොඩ ස්ථානයේදී බලපත්‍ර නොමැතිව ඇළ ඉවුර කපා මැණික් සොයා පතල් කැණීම් සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.