23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආහාරයට නුසුදුසු තෙල් වර්ග වෙළඳපොළෙන් ඉවත් කිරීමට වහාම ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි

ආහාරයට නුසුදුසු තෙල් වර්ග වෙළඳපොළෙන් ඉවත් කිරීමට වහාම ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි

ආහාරයට නුසුදුසු තෙල් වර්ග  වෙළඳපොළෙන් ඉවත් කිරීම සඳහා වහාම ජාතික වැඩපිළිවෙලක් නිර්මාණය කරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතුළු රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව සමස්ත ලංකා  පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ  සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. 

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(14) කොළඹ 02, නිපොන් හෝටලයේදී පැවැති එම සංගමය කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ කැඳවුම්කරු මෙසේද කීය......... පාරම්පරික පොල්තෙල් කර්මාන්තකරුවන් රැක ගැනීමත් , රටේ ජනතාවට පිරිසිදු පොල්තෙල් ආහාරය සඳහා අවස්ථාව උදා කිරීම සඳහා අපේ සංගමය සකස් කළ යෝජනාවලියක්  මේවන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදී සාකච්චාවක් ඉල්ලා තිබෙන අතර එම අවස්ථාව උදාවනතුරු අපේ සංගමය මග බලා සිටිනවා. මේවනවිට ෆාම් ඔයිල් හා ආදේශක තෙල් ආනයනය කිරීම ඒවාට බදුසහන ලබාදීම නිසා දේශීය පොල්තෙල් කර්මාන්ත කරුවන් තුන්සිය පනහක්, හාරසීයක් හා ඒ ආශ්‍රිත රැකියා කරන සේවකයින් ඉන් රැකෙන පවුල් වල සාමාජිකයින් ලක්ෂ හතරක් පමණ අසරණවී සිටින බව කිව යුතුයි. මෙම ෆාම් ඔයිල් හෝ ආදේශක තෙල් ගෙන්වන බහුජාතික සමාගම් හතරක් පමණ සිටිනවා. ඒ නිසා අපේ දේවල් රැකගෙන ජනතාවගේ සෞඛ්‍යට හිතකර පොල්තල් ආහාරයට ලබාදීමට රජයේ මැදිහත්වීම අනිවාර්ය වෙනවා. දැනට මේ ක්ෂේත්‍රයේ තිබෙන්නේ යල්පැන ගිය නීති ඒවා වහාම වෙනස් විය යුතුයි. ඉකුත් මැතිවරණවලදී අපිට අසන්න ලැබුණේ දේශිය ව්‍යාපාරිකයා, කර්මාන්තකරුවන්, කර්මාන්ත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකරන බවයි. නමුත් තවමත් ඒ සඳහා පියවරක් නොගෙන තිබෙන බව තමයි කියන්න තියෙන්නේ. කර්මාන්ත ඇමතිවරයාවත් අපි දැනුවත් කළා. ඇමැතිගෙන් හොඳ ප්‍රතිචාරයක් තිබුණාට එයාට පමණක් මේ කළ නොහැකි බව තමයි කියන්න තියෙන්නේ. 

ෆාම් වගාව නවත්වන්න කියලා කිව්වට එය නෛතිකව සිදුවිය යුතුයි. ඒ සඳහා 2014 දී ගැසට් එකක් නිකුත් කරලා තියෙනවා ෆාම් ගස් හෙක්ටයාර් විසිදහසක් වවන්න කියලා අවසර දීලා තියෙනවා. එය නීතියෙන්ම් තහනම් කළ යුතුයි.

මව්බිම සුරැකීමේ සංවිධානයේ සභාපති වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා........දේශීය පොල්තෙල්කර්මන්ත කරුවන්ට හා පාරිභෝගිකයින් මෙම ගැටලු මතුවෙලා තියෙන්නේ රටක් ජාතියක් ගැන නොසිතන කූඨ ව්‍යාපාරිකයින් නිසයි. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබාගෙන, සාක්ෂරතාවය වැඩි ප්‍රතිශතයක් තිබෙන රටක, ලක්ෂ දාහතරක් පමණ රාජ්‍ය සේවකයින් සිටිනවා කියන රටක, පාරිභෝගිකයින් හා කර්මාන්තකරුවන් රැකගැනීම සඳහා ආයතන තිබෙන රටක මෙවැනි දෙයක් සිදුවීම කොයිතරම් අභාග්‍ය සම්පන්න දෙයක්ද. මේ තත්ත්වයට රටේ නිලධාරින් වගකිව යුතුයි. ඔවුන් ලැජ්ජා වියයුතුයි මේ සිදුවන කටයුතුවලට. ෆාම් ඔයිල් භාවිතය ක්‍රමක්‍රමයෙන් දැන් අඩුවිගෙන යනවා. මැලෙසීයාවේ හා ඉන්දියාවේ ඇතිවි තිබෙන ගැටලු නිසා මැලේසියාවේ තෙල් ගොඩගැහිලා තියෙනවා. ෆාම් ඔයිල් භාවිතය නිසා ජනතාවට සෞඛ්‍ය ගැටලු මතුවි තිබෙන බව විද්‍යාත්මකව කරුණු ඔප්පු කරලා තියෙනවා. බොහෝමයක් රටවල වගේම අපේ රටේත් ආහාර නිෂ්පාදනය හා බෙදාහැරීම බහුජාතික සමාගම් අතට ගෙන තියෙනවා. ප්‍රෝටීන්,කාබෝහයිට්ට්‍රේඩ්,මේදය යන ප්‍රධාන සංඝටක තුනම ඒ සමාගම් අතටගෙන තියෙනවා. පොල්තෙල්වලට වෙලා තියෙන්නේත එම ප්‍රශ්නයම තමයි. යුරෝපා වෙළඳපොළට ෆාම් ඔයිල් ගෙන්වීම අඩුකරගෙන යනවා. අද රෝහලකට ගියාම පිළිකා හා බෝනොවන රෝගවලින් පෝලිම් පිරිලා තියෙනවා. මීට හේතුව අපේ ආහාර රටාවයි. 

මෙහිදි එම සංගමයේ කැඳවුම්කරුවන්වන ප්‍රියන්ති දිසානායක, එස්.පි.කේ.ජයවීර,තුෂාර විජේසිංහ යන මහත්මමහත්මීහුද අදහස් දැක්වුහ.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments