මෙම වසරේදී දේශපාලන පක්ෂ 154ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිසමට ඉල්ලුම්පත් ඉදිරිපත් කළත් ඉන් පක්ෂය හයක් පමණක් ලියාපදිංචියට සුදුසුකම් ලැබු බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙවර ලියාපදිංචිය සඳහා ජනවාරි මාසයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලුම්පත් කැඳවා තිබු අතර එහිදී ඉල්ලුම්පත් 154 ලැබී තිබු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ඉන් ඉල්ලුම් පත්‍ර 121 ක් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර පක්ෂ 06ක් පමණක් ලියාපදිංචි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අරුණළු ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂයෙ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාකස් ලෙනින්වාදී පක්ෂය සහ සමත්තුව කච්චි යන පක්ෂ ලියාපදිංචි කිරීමට තිරණය කර ඇති බව සඳහන් වේ. ඊට අමතරව පිවිතුරු හෙළ උරුමය සහ සිංහල රාවය ද ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති අතර සිංහල රාවය පක්ෂයේ නම අපේ ජනතා රාවය ලෙස සංශෝධනය කිරීමට යොජිත බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මීට පෙර දේශපාලන පක්ෂ 70ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වී තිබුණි.
නව දේශපාලන පක්ෂ 154 ලියාපදිංචියට අයදුම්පත් යොමු කරයි
RELATED ARTICLES