21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් හමුදා 06 වන බලඇණිය සදහා...

මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් හමුදා 06 වන බලඇණිය සදහා පදක්කම් ප‍්‍රදානය කෙරේ

මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරි කටයුතු සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සාර්ථකව රාජකාරි සිදුකල 06 වන සාමසාධක හමුදා බලඇණිය සදහා පදක්කම් ප‍්‍රධානය කිරිමේ පෙළපාලි උත්සවයක් (14) මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ 6 වන සාමසාධක හමුදා අනුඛණ්ඩ පරිශ‍්‍රයේදි කොවිඞ් 19 වැලැක්විමේ මාර්ගෝපදේශයන්ට අනූකූලව පැවැත්වූයේය. මෙම අවස්ථාව සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය බලසේනා අඥාපති මේජර් ජෙනරාල් පාවුලෝ පෙරෙයිරා සහභාගි වු අතර අනුඛණ්ඩ අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් ජීත් සමරසේකර එම මහතා පිළිගත්තේය.

මෙම පදක්කම් පෙළපාලිය විංග් කමාන්ඩර් ඩබ්ලිව්.ජී.එන්.ඩි වෑකුඹුර අණදුන් අතර මෙහිදි නිලධාරි 18 ක් සහ ගුවන් භටයින් 92ක් හට පදක්කම් ප‍්‍රදානය කෙරිණි.

අන්තර් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් එම ප‍්‍රදේශයේ ප‍්‍රදේශීය නායකයින්ටද මෙම අවස්ථාවට ආරාධනා කර තිබූ අතර පදක්කම් පිරිනැමිමේ පෙළපාලියෙන් පසු ශ‍්‍රී ලාංකික සංස්කෘතික අංඟයන්ගෙන් සමන්විත විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණි. එහිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරි කටයුතු සදහා පැමිණි දින සිට එය සංකේතවත් කරන ඡයාරූප සමුහයක්ද ප‍්‍රදර්ශනය කෙරුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments