26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආනයනය සීමා කර ඇති වියලි ඉඟුරු, උඳු සහ තල් සූකිරි තොගයක්...

ආනයනය සීමා කර ඇති වියලි ඉඟුරු, උඳු සහ තල් සූකිරි තොගයක් රේගු දැලේ.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරීන් (14) ඔරුගොඩ වත්තේ RCT බහාලුම් අංගනය තුල පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී විශේෂ පරීක්ෂාවට ලක් කිරීමේදි දැනට ආනයනය සීමා කර ඇති වියලි ඉඟුරු, උඳු සහ තල් සූකිරි තොගයක් සොයා ගෙන තිබේ.

මෙම සීමා කල භාණ්ඩ රේගු නිලධාරීන් නොමග යවන අයුරින් ඉතා සූක්ෂ්ම ලෙස කොල්ලු අඩංගු බෑග වලට සමාන බෑග තුල සඟවා තිබූ අතර එහි තුල තිබී වියලි ඉඟුරු කිලෝග්‍රෑම් 2,474 ක්‌, උඳු කිලෝග්‍රෑම් 2465 ක්‌ සහ තල් සූකිරි කිලෝග්‍රෑම් 248 ක්‌ සොයා ගෙන ඇත.

මෙම සැක සහිත අඩි 20 බහාලුම ඉන්දියාවේ සිට පැමිණි ස්ම්ය්ලි ලේඩි (Smiley Lady) නමැති නෞකාවෙන් මෙම මස 12 වන දින මෙරටට පැමිණ තිබුණු අතර එම ආනයනය රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා ආනයන කරු විසින් ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කල රේගු සටහන්කරයේ එම බහාලුම තුල කොල්ලු කිලෝග්‍රෑම් 23,150 අඩංගු වන බව සඳහන් කර තිබී ඇත. අදාළ බහාලුම පරීක්ෂාවට ලක් කිරීමේ දී එහි තුල තිබී කොල්ලු කිලෝග්‍රෑම් 18,000 ක්‌ අතර දැනට ආනයනය සීමා කර ඇති වියලි ඉඟුරු, උඳු සහ තල් සූකිරි තොගය රේගු නිලධාරී සොයා ගනු ලැබුහ. මෙම සීමා කල භාණ්ඩ රේගු නිලධාරීන් නොමග යවන අයුරින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම මුළු භාණ්ඩ තොගයේ වෙළඳපොළ වටිනාකම රු. 6,417,467/= බවට තක්සේරු කර තිබෙන අතර මෙම නීති විරෝධී ආනයනය සාර්ථක වූවා නම් එමගින් රජයට අහිමි වීමට තිබූ ආදායම රු. 1,838,636/= බව ගණන් බලා ඇත. මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන නිවාරණ නිලධාරි සේනක ඇරවුපොල මහතාගේ උපදෙස් පිට ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරි අරුණ ශාන්ත මහතා ප්‍රමුඛ නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන අතර විමර්ශනය අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කොට අදාළ සැකකරුවන්ට වැඩිදුර රාජසන්තක කිරීම් හෝ දඩ පැනවීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments