27 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය විශාල...

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට -නාවික හමුදාව

ශ්‍රී ලංකා නාවික හමුදාව දින ගණනාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ අඛණ්ඩව ආවෙක්ෂණයන් සිදු කරමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 09 දෙනෙකු සමඟ පසු ගිය දා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රි ලංකා පොලීසිය මගින් ලබාදුන් තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලැබු එම සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 09 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාවේ ආරක්‍ෂාව යටතේ කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතී.

ඒ අනුව, තව නොබෝ වේලාවකින් කොළඹ වරාය වෙත රැගෙන එන මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 09 දෙනා ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments