පොලිස් විශේෂ කාර්ය බලකාය දළ වටිනාකම රුපියල් ලක්ෂ හතලියකට අධික කේරළ ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් (16) වැලිකඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩ පොලිස් වසමේ අංක 70/04, පලමු පටුමග, රාජගිරිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර මෙම කේරළ ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසිනවයක් වන පළමු පටුමග රාජගිරියේ පදිංචිකරුවෙකි.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
මෙම වැටලීම විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පො.ප. දේශප්‍රිය ඇතුළු නිලධාරීන්කණ්ඩායමක් සිදුකර තිබේ.එහිදි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 7යි ග්‍රෑම් 2ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 208ක්, ජංගම දුරකතන දෙකක්, මුදලින් රුපියල් 118,570ක් අත්අඩංගුවට ගෙන ඇත.එමෙන්ම මෙරට නිෂ්පාදිත ස්වයංක්‍රීය නොවන ගිනි අවියක් හා හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ක.අ.නි. පො.ප. පී.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරී කණ්ඩායමක් (15) ඇඹිලිපිටිය පොලිස් වසමේ අංක 138, උඩගම, පානමුර පාර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ස්වයංක්‍රීය නොවන ගිනි අවියක් හා හෙරොයින් ළඟ තබාගෙන සිපුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. එහිදි මෙරට නිෂ්පාදිත ස්වයංක්‍රීය නොවන ගිනි අවි01 යි,බෝර 12හිස් උණ්ඩ කොපු 02 ජිව උණ්ඩ03, බෝර 10 ජීව උණ්ඩ03යි,මි.මී. 7.62×39 ජිව උණ්ඩ 10 යි,හෙරොයින් මිලි ග්‍රෑම් 540ක් සොයා ගෙන ඇත.
සෙට්ටිකුලම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මැදවච්චිය පොලිස් වසමේ මිංහෙට්ටිගම, මල්වතුඔය ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු තුනක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පෙරියමඩු රක්ෂිත ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් අත්අඩංගුවට ගෙන තිබේ. සේරුනුවර පොලිස් වසමේ, අරියමන්කේනී ප්‍රදේශයේදී එල්.ටි.ටි.ඊ. සංවිධානය සඟවන ලැබු අවි ආයුධ හා දෙපොළ සෙවීමේ චේතනාවෙන් නීති විරෝධි ලෙස කැණීම් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ පොලිස් වසමේ පුලියමුත්තු රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවි ලෝඩර් යන්ත්‍රයක් යොදාගෙන අක්කර එකකහාමාරක් පමණ භූමියක් එළිපෙහෙලි කර නියරවල් දමමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. නුවරඑළිය කඳවුරේ නිලධාරී කණ්ඩායමක් පුස්සැල්ලාව පොලිස් වසමේ කාච්චමලෛ වත්ත , පුස්සැල්ලාව ප්‍රදේශයේදී නීති විරෝධි මැත්පැන්ළඟ තබාගත් පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. ඔක්කම්පිටිය පොලිස්වසමේ රක්ෂිතය තුල සිදුකළ වැටලීම් දෙකකදී අනවසරයෙන් පතල් කැණීම් කරමින් සිටි පුද්ගලයින් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.