26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police news'සිලෝන් ටී' නමින් අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ තොගයක් විශේෂ කාර්ය...

‘සිලෝන් ටී’ නමින් අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ තොගයක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

‘සිලෝන් ටී’ නමින් අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ තොගයක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
යක්කල පොලිස් වසමේ කොළඹ නුවර මාර්ගයේ බැලුම්මහර හන්දිය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ගම්පොල ප්‍රදේශයේ සිට මුතුරාජවෙල ප්‍රදේශය වෙත බලපත්‍ර නොමැතිව අපනයනය සඳහා කසළ තේ කිලෝග්‍රෑම් 8155 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කල වයස අවු. 28 ක් හා අවු. 43 ක් වන ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යක්කල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී පසුමුල්‍ය එචි.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.ප. කේ.එම්.එස්. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) මෙම වැටලීම සිදුකර තිබේ. ඉකුත් ජූනිමස (21) සිට මේ දක්වා සිලෝන් ටී නමින් විදේශයන්ට අපනයන කිරීම සඳහා සකස් කරන ලද කසළ තේ කිලෝග්‍රෑම් දෙලක්ෂ හැටහත්දසකට (2,67,000kg) අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
ලෝක වෙළද ⁣පලේ ශ්‍රී ලංකාවේ තේ අපනයනය විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන අතර සිලෝන් ටී නාමයට විදේශයන් හී පවතින ඉහළ ඉල්ලුම හා විශ්වාසනීයත්වය පළුදු කිරීම මෙම කසළ තේ අපනයනය නිසා අහිතකර ලෙස බලපෑම් සිදු කරනු ලබයි.
මේ අතර පොතුවිල් පොලිස් වසමේ බලපත්‍රයක් නොමැතිව මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් හා ජීව උණ්ඩ දෙකක් , ළඟතබාගත් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට ලාහුගල කඳවුරේ නිලධාරීන් සමත්වි තිබේ. සංවිධානාත්මක අපරාධ මර්දනය ඒකකය (11) නිලධාරී කණ්ඩායමක් මරදාන පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනක් හා මිලිග්‍රෑම් 620ක් , නීති විරෝධි මැත්පැන් ජාවාරමෙන් උපයාගත් රුපියල්100,000.00ක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා උපයෝගි කරගත් ජංගම දුරකතනයක් හා අයිස්මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොගන්නා කුඩා පොලිතීන් පැක්ට් 320ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. වැල්ලම්පිටිය පොලිස වසමේ කේරළ ගංජා ග්‍රෑම් 175ක් ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. මාතර පොලිස් වසමේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් හාරසීයක් ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වතු කොළකන්ද උපකඳවුරේ ස්ථාපති දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකක අනුයුක්ත නිලධාරි කණ්ඩායමක් සමත්වී ඇත.

එමෙන්ම මහාඔය කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මහඔය පොලිස් වසමේ වියළි ගංජා ග්‍රෑම් පන්සිය පනහක් ළඟතබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. කොස්ලන්ද පොලිස් වසමේ අක්කර එකක පමණ භූමි ප්‍රමාණයක නීති විරෝධිව වගාකර තිබු උසඅඩි දෙකයි අඟල් එකක් වන ගංජා ගස් 12552ක් අත්අඩංගුවට ගැනීම උඩවලව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් සමත්වී තිබේ.

අක්මීමන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අක්මීමන පොලිස් වසමේ වැටලිම් පහක් සිදුකොට නීතිවිරෝධි මත්පැන් මිලි ලීටර් 100,500ක් , ගෝඩා මිලිලීටර් 630,000ක් හා භාණ්ඩ ළඟතබාගත් පුද්ගලයින් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මොරගහහේන පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලිලීටර් 22,500ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවහනය කරමින් පුද්ගලයකු සංවිධානාත්තමක අපරාධ මර්දන ඒකකය (1) නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ. කතරගම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් කතරගම පොලිස් වසමේ අනවරසයෙන් කැලෑපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන පොලිස් වසමේ වැටලීම් වැටලීම් දෙකක් සිදුකොට බලපත්‍ර නොමැතිව මාදුරුශයේ වැලි කැණිම්කර පටවමින් සිටි පුද්ගලයින් දෙදනකු ට්‍රැක්ටර් රථ දෙකක් සමග අත්අඩංගුවට ගැනීමට වාලච්චේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් සමත්වී තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කරුවලගස්වැව පොලිස් වසමේ මී ඔය රක්ෂිතයේ වැලි කැණීම්කර ප්‍රවහනයට සූදානම්කර තිබු වැලි කියුබ් එකක් පුරවන ලැබු ටිපර් රථයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments