22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම්තුමිය කිසිසේත් මානව හිමිකම් කවුන්සිලයට හෝ එක්සත්...

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම්තුමිය කිසිසේත් මානව හිමිකම් කවුන්සිලයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති නැති නීති විරෝධිව යමින් අපිට චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම්තුමිය කිසිසේත් මානව හිමිකම් කවුන්සිලයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති නැති නීති විරෝධිව යමින් අපිට චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශඹ කළේ බත්තරමුල්ල පිහිටි නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීය…………මේ දවස්වල එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපිට විරුද්ධව චෝදනා රැසක් ගෙනල්ලා, මිෂේල් බැචලේ ගරු ලේකම්තුමිය විශේෂ ප්‍රකාශයක් කරලා අපිට චෝදනාමාලාවක් ඉදිරිපත් කරලා තිබෙනවා.එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම්තුමිය කිසිසේත් මානව හිමිකම් කවුන්සිලයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති නැති නීති විරෝධිව යමින් අපිට චෝදනා කරනවා. අපේ රටේ ප්‍රකාශයට පත් කර හදිසි නීතිය ගැන එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්තියේ 2-7 වගන්තිය යටතේ රටක අභ්‍යන්තර කටයුතු පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයට හෝ එක්සත් ජාතින්ගේ සංවිධානයට කිසිම අතපෙවීමක් කරන්න බෑ කියලා ඒ ප්ර්ඥපත්තියේම තිබෙනවා. එහෙම තියෙද්දි මිෂෙල් බැචලේ මැතිණිය අපට නඟන චෝදනා නිති විරෝධි. විදේශ ඇමතිවරයා පැහැදිලිව කිව්වා මෙය ප්ර්තික්ෂේප කරනවා කියලා. පහුගිය කාලයේ MCC ගිවිසුම ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහතා, මංගල සමරවීර මහතා හා විජේදාස රාජපක්ෂ මහතා පුදුමාකාර උත්සහයක් ගත්තා අපිව හිර කරන්න. අපි එයින් බේරුණා. අපි ජනතාවට සත්‍ය හෙළිදරව් කරමින් අපි මේ දකුණු අසියානු මිත්‍රයන් සියලු දෙනාමඅපේ පිලේ තබා ගනිමින් මේ ගමන යන්න ඕන. ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා සහ මේ ආණ්ඩුව ඒ සඳහා ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරනවා.

රාජ්‍ය ඇමැති ඩි.බී.හේරත් මහතා………අපිට ජාත්‍යාන්තරයත් එක්ක සම්බන්ධවීමකින් තොරව රට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා බුද්ධිමත් රාජ්යම නායකයෙක් හැටියට අපේ ජනාධිපති නිවැරදි තීන්දු තීරණ අරගෙන ජාත්‍යන්තරය එක්ක විනිවිදභාවයකින් යුක්තව ගනුදෙණු කරන නායකයෙක් බව මේ කාලයේ ප්‍රකාශය කරලා තිබෙනවා.

අද සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව කතා කරනවිට ඒ සංවර්ධන කටයුතු සිදුකරන අවස්ථාවේ සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන ජනතාවට ජිවිතය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. එදා ඇහැට පෙනෙන පර සතුරන් හිටියේ. නමුත් අද වන විට ඇහැට නොපෙනන වෛරසයක් සමඟ කටයුතු කරන්නේ. ලෝකයේ සෞඛ්‍ය සංවිධානය අගය කරනවා අපේ ජනධිපති පෞද්ගලිකව මැදිවත් වෙලා ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරන්නලබාදුන්න එන්නත ජනතාවට නිසි ලෙස ලබාදෙමින් මුළු ලෝකයටම ආදර්ශම රට බවට ශ්රි් ලංකාව පත්වෙලා තිබෙනවා කියලා. ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ සෞඛ්යල කාරණා සුරක්ෂිත කරගනිමින් ජිවිත ආරක්ෂා කරන්න කටයුතු කරමින් සංවර්ධන කටයුතුද සිදු කරගෙන යනවා. අද වෙනකොට මේ රටේ හැම ගමකටම මේ වසරේ ලක්ෂ 220 ගානේ දිලා, පොදු සංවර්ධන ක්රිේයාකාරකම් ග්රාාම නිලධාරි වසම් 13,314 කින් සිදු වෙනවා. ඊට අමතරව මාර්ග පද්ධති නවීකරණ ක්රිේයාකරකම් මේ අර්බුදකාරිකාරි තත්වය යටතේ ක්රිායාත්මක වෙනවා. ඒ එක්කම බැසිල් රාජපක්ෂ වර්තමාන මුදල් ඇමති අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සූදානම් වන අවස්ථාවේ මහජනතාවගේ අදහස් අරගෙන අයවැය ලේඛය සකස් කිරීමේ වැඩපිළිවෙලකට ගිහින් තිබෙනවා. එවන් පසුබිමක් රට තුළ නිර්මාණය වෙලා තිබෙන අවස්ථාවක විපක්ෂය ඔවුන් හුදකලා සටනක යෙදෙනවා. ඔවුන් බලනවා ආණ්ඩුව කොතනින්ද පරාජය කරන්නේ කියලා. ඔවුන් විවිධ සංවිධාන සමඟ සම්බන්ධකම් අරගෙන ජනතාව පාරට බස්වන්න හදනවා. මේ වන විට රටේ නැති ප්‍රශ්න මවලා අවස්ථා අටසිය පනස් ගාණක් මේ ජනතාව පාරට බස්වලා තිබෙනවා.මෙවන් පටු දේශපාලන මතවාදි ක්රිායාකාරකම් කරන විපක්ෂයක් මේ රටේ සිටින්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments