23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedසංචරණ සීමා ඇඳිරිනීති කාලය තුල කේරළ ගංජා තොගයක් ප්‍රවහනය කරමින් සිටිද්දි එස්.ටි.එෆ්....

සංචරණ සීමා ඇඳිරිනීති කාලය තුල කේරළ ගංජා තොගයක් ප්‍රවහනය කරමින් සිටිද්දි එස්.ටි.එෆ්. දැලට මාට්ටු.

සංචරණ සීමා ඇදිරිනීති කාලය තුල කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට

ගෙන තිබේ.

රුපියල් හය ලක්ෂ පනස්දාහකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 06, ග්‍රෑම් 161 ක් ළඟ තබාගෙන ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 34 හා 40 වයසේ මට්ටක්කුලිය, වත්තල ප්‍රදේශ වල පුද්ගලයකු සහ කාන්තාවක් සමග ත්‍රීරෝද රථයක්, ජංගම දුරකතන තුනක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම වැටලීම විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපතිගේ උපදෙස් අනුව බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් (21) වත්තල පොලිස් වසමේ හේකිත්ත මාර්ගයේ, ශාන්ත ලාසරස් කතෝලික දේවස්ථානය ඉදිරිපිට දී මෙම වැටලීම සිදුකර තිබේ.

මීටඅමතරව ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් වැලිකඩ පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් හා මිලිග්‍රැම් හැත්තෑවක් ළඟ තබාගැනීමේ වරදට පුද්ගලයකු වැලිකඩ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රැම් 312ක් ළඟ තබාගැනීමේ වරදට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. පරයනාලන්කුලම පොලිස් වසමේ 122මි.මි. ප්‍රමාණයක කාලතුවක්කු උණ්ඩ එකක් අත්අඩංගුවට ගෙන ඇත. පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු ගෝල්ඩ්ලීෆ් වර්ගයේ දුම්වැටි 166ක් මුදලට විකිණීම හා ළඟ බා ගැනීමේ වරදට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කිරිඳිවැල පොලිස් වසමේ බලපත්‍ර රහිතව වෙනිවැල්ගැට කිලෝ පන්සිය හතළියක් නීති විරෝධිව ළඟ තබගැනීමේ වරදට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. ඉංගිරිය පොලිස් වසමේ නීතිවිරෝධි මත්පැන් පෙරමින් සිටි පුද්ගලයකු නීතිවිරෝධි මත්පැන් මිලි ලීටර් 30,750ක්, ගෝඩා 33,750 ක් ඇතුළු භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම උඩවලව පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මි.ලි. 375,000ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පන්නල පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 67,500ක් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කාත්තන්කුඩි පොලිස් වසමේ බලපත්‍ර රහිතව විවිධ ප්‍රමාණයේ යුතු තේක්ක දැවට 115ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. වව්නියාව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර රහිතව කොතල හිඹුටු කිලෝ 747ක් සන්තකයේ තබාගැනීම හා ප්‍රවහනය යන වරද යටතේ පුද්ගලයන් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. පිඹුරන්නෑව ජලාශයේ නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා මසුන් මැරීමේ නිරතව සිටි පුද්ගලයින් සිව්දෙනකු නීති විරෝධි තංගුස් දැල්ද සමග අත්අඩංගුවට ගෙන ඇත. මන්කූලම් පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් වැලි ප්‍රවහනය කරමින් සිටි සැකකරුවකු ටිපර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. අකුරැස්ස පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර බලපත්‍ර නොමැතිව වැලි ගබඩාවකින් වැලි පටවමින් සිටි අයකු සමග වැලි මිලදී ගත් පුද්ගලයකු ටිපර් රථයත් සමග අත්අඩංගුවට ගෙන ඇත. අක්කරෛපත්තුව පොලිස් වසමේ වැටලීම් හයක් සිදුකර බලපත්‍ර නොමැතිව තීත්තආරු ඇලේ කැණීම් කර පටවන ලැබු වැලි ට්‍රැක්ටර් හයක් සමග පුද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාකරේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් වාකරේ පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර කැණීම් බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කර බෝට්ටුවකින් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් දෙදනකු හා උපකරණ අත්අඩංගුවට ගෙන ඇත. පොතුවිල් පොලිස් වසමේ හැඩ ඔය ගල්අමුණ කුඹුක්කන රක්ෂිතය ප්‍රදේශයේදී වැටලීම් හතරක් සිදුකර බලපත්‍ර රහිතව කුඹුක්කන සංරක්ෂිත වනාන්තරයට අනවසරයෙන් ගවයන් පහක් අතුළු කර හිංසාකාරි ලෙස දක්කාගෙන යාමේ වරදර පුද්ගලයින් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments