26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මම දේශපාලනඥයකු විදිහට කිසිම ජාතියක් නියෝජනය කළේ නෑ

මම දේශපාලනඥයකු විදිහට කිසිම ජාතියක් නියෝජනය කළේ නෑ

තමාගේ ලේකම්වරයාට අන්තවාදීන් විසින් 2018 වසරේ දෙසැම්බර් 26 වැනිදා වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබුවේ පසුදින තමා බෞද්ධ විහාරස්ථානයක සියක් නමක් විෂයයෙහි දානය පිරිනැමීමට සූදානම් වන අවස්ථාවේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ​ඊයේ (15 වැනිදා) පැවසීය.

එසේම මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම අන්තවාදීන් විසින් සිදු කර ඇති බවට තමා දැන ගත්තේ මුස්ලිම් තිදෙනකු අත්අඩංගුවට ගත් පසුව බවද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ය.

තවද තමා දේශපාලනඥයකු ලෙස කිසිම ජාතියක් නියෝජනය නොකළ බවත්, සියලු දෙනාම සමග සහයෝගයෙන් කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments